කැලණිවැලි මාර්ගයේ දුම්රිය තවදුරටත් ප්‍රමාදයි | දිනමිණ

කැලණිවැලි මාර්ගයේ දුම්රිය තවදුරටත් ප්‍රමාදයි

කැලණිවැලි මාර්ගයේ දුම්රිය තවදුරටත් ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඒ, කොස්ගම සිට පැමිණි දුම්රියක් කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙනි.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය 03ක් විනාඩි 40 ක් පමණ ප්‍රමාද වූ බවය.

කාර්මික දෝෂයකට ලක්වූ දුම්රිය අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව යලි ධාවනයට යොදවන බව ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

නව අදහස දක්වන්න