ඒකාබද්ධයේ ජනපති අපේක්ෂකයා චමල් විය යුතුයි | දිනමිණ

ඒකාබද්ධයේ ජනපති අපේක්ෂකයා චමල් විය යුතුයි

අනුර ප්‍රේමලාල්

ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ චමල් රාජපක්ෂ මහතා බව අපේ මතයයි. නමුත් පක්ෂයක් ලෙස අවසානයේ ගන්නා තීන්දුවකට එකඟවන අතර ඊට ඡන්දදායකයාගේ කැමැත්ත කුමක් වෙයිද දන්නේ නැතැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ(15) කොළඹ 08, බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා අනුස්මරණ මධ්‍යස්ථානයේ පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය. භාරකාර ආණ්ඩුවක් ඇති වෙනවා නම් එය විය යුතුව තිබුණේ මෙම ආණ්ඩුව පහ කිරීමෙන් පසුවයි. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂය අතර තිබෙන ගිවිසුම අවසන්වීමෙන් මේ ආණ්ඩුව අවසන් වීමට තිබුණා. එය කිරීමේ බලය තිබෙන්නේ එම පක්ෂවල නායකයන්ටයි. මෙහි වුවමනාව තිබුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිටයි කියලයි අපි සිතුවේ.

රාජ්‍ය දේපොළ විකිණීම පිළිබඳ ගැටලුව අපි ණයකරුවන් වන අතර කව්ද ණය හිමියෝ ඔවුන් තමයි මූල්‍ය ප්‍රාග්ධන බලවතුන් ඒ අයගේ ප්‍රතිශතය තමයි 8.4%යි. ලෝකයේ සිටින මේ පිරිස අපෙන් මොනවද ඉලන්නේ මූල්‍ය සම්පත් අපේ හොඳට ලාභයට ක්‍රියාත්මක වන බැංකුයි. කුමන පුද්ගලින බැංකු පැමිණියත් අපේ ලංකා හා මහජන බැංකු බිඳදමන්න නොහැකිවුණා. ඒ නිසා ණය හිමියන් මේ බැංකු දෙක තමන් අතට ගන්න හදනවා.

ලංකා සමසමාජ පක්ෂයේ නායක මහචාර්ය තිස්ස විතාරණ මහතා.........ඖෂධ මිල ගැටලුව පිළිබඳ ඉකුත් සති අන්තයේ එක්තරා මධ්‍යක පළවී තිබු ලිපියේ තියෙන්නේ ලොකු සමාගම්වල අදහස් අනුවයි. මිල නියම කරන පිළිවෙළක් වර්තමාන සෞඛ්‍ය ඇමැතිවරයා ක්‍රියාත්මක කරනවා ඒක තුලින් යම් ප්‍රමාණයකට ඖෂධ මිල බස්සන්න හැකිවෙලා තියෙනවා. එකම ඖෂධයේ සමාගම් කිහිපයක්ම වෙන වෙන නම් දීලා විවිධ මිල ගණන් යටතේ අලෙවි කරනවා. මේවැනි වාර්තා ඉදිරිපත් කරනවිට දෙපැත්ත ගැනම ලියන්න කියලා අපි මාධ්‍යයෙන් ඉල්ලනවා. එහිදී සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සාධාරණයක් ඉටුකරන්න හැකිවෙනවා.

ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධානත්වයෙන් සියලු වතු වෘත්තීය සමිති කැඳවා මෙතැන හමුවක් තිබුණා. මෙවර වතු සමාගම් මෙතෙක් පැවැති සාකච්ඡාවලින් එකඟ වෙලා තිබෙන්නේ රුපියල් අසූවක් පමණයි. ඉකුත් වසරේ මූලික රුපියල් හත්සිය තිහක් දීලා සියලු දීමනවා රුපියල් දහසක් කරන්න කිව්වාම වතු සමාගම් එය ප්‍රතික්ෂේප කළා තේවල මිල බහැලා කියලා. මෙවර තේ කිලෝග්‍රෑම් එකක මිල වැඩිවෙලා තියෙනවා. ඉකුත් සැරේ ඉදිරිපත් කළ තර්කය මෙදා බිඳ වැටිලා තිබෙද්දී ජීවන වියදම අහසට නැඟලා තිබෙන විට ගිය සැරේ වගේ මෙවරත් වතුසමාගම් මෙය පැහැර අරින්න හදනවා. මෙවර කියනවා ඵලදායිතාව අඩුයි කියලා. අනෙක් රටවල් මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන සහයෝගිතා සංකල්පය ක්‍රියාත්මක කර සේවකයන්ට අයිතිය ලබාදීලා කටයුතු කරන්න. මෙය ආණ්ඩුවට ඉදිරිපත් කරන්න තීරණය කළා. ආණ්ඩුව මැදිහත් වෙලා සේවක අයිතිය ලබා ගැනීමේ මෙම සහයෝගිතා ක්‍රමය ක්‍රියාත්මක කරවන්න.

මෙහිදී සමාජවාදී ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් රාජා කොල්ලුරේ මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

අදහස් 2ක් ඇත

Kattiya Ekathuwela mahalu madamak daganilla, Den Yandath Kittu Nisa.

Kattiya Ekathuwela Mahalu Madamak dagannawala.

නව අදහස දක්වන්න