බෝඩිංකාරයෝ ළඟ ව්‍යාජ 1000 නෝට්ටු 13ක් | දිනමිණ

බෝඩිංකාරයෝ ළඟ ව්‍යාජ 1000 නෝට්ටු 13ක්

රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර ඒවා මාරු කරමින් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකු ඉංගිරිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය සිකුරාදා (02) රාත්‍රී පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෝටර රථය පසුපස හඹා ගිය නිලධාරින් ඉංගිරිය හොරණ පාරේ බොරලුගොඩ තේ ශක්ති කර්මාන්ත ශාලාව අසලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

S/279 019598 යන එකම අංකය යටතේ ව්‍යාජව මුද්‍රණය කරන ලද මුදල් නෝට්ටු 13 ක් දුරකථන හතරක් සහ මෝටර් රථය සමග ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී නවාතැන් ගෙන සිටි ස්ථානයේ තිබී ලැප්ටොප් පරිඝනකයක් , ප්‍රින්ටරයක් සහ අදාළ අනෙකුත් උපකරණ ද සොයාගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක රැකියාව කරමින් හඳපාන්ගොඩ ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටි දෙදෙනෙකි.

ඉංගිරිය පොලිස් ස්ථානාධිපති පො.ප.නලින් දර්ශන සහ අපරාධ අංශ ස්ථානාධිපති නලින් සංජිව ඇතුළු නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

නන්දසේන උඩුගම - හඳපාන්ගොඩ සමුහ කුමාරි ගමගේ - ඉංගිරිය සමුහ
ඡයාරූප - හඳපාන්ගොඩ සමුහ 

නව අදහස දක්වන්න