මැතිවරණයක් පැවැත්වීම වැළැක්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාව නෑ | දිනමිණ

මැතිවරණයක් පැවැත්වීම වැළැක්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාව නෑ

චමීර ඇල්ලදෙණිය

හිටපු ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන

ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිසේත්ම මැතිවරණයක් පැවැත්වීම වැළැක්වීම සිදු කළ නොහැකි බවත් එය ජනතා අයිතිවාසිකමක් බව හිටපු ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා දිනමිණට පැවසීය.

මැතිවරණයක් ප්‍රකාශ කිරීම මූලික අයිතිවාසිකම් කඩකිරිමක් නොවන බවත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් තහවුරු කිරීමක් බවත් අබේවර්ධන මහතා කීවේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මතය කුමක් වේද තමන් නොදන්නා බවත් ජනාධිපතිවරයාගේ තීන්දුව අධිකරණයෙන් අභියෝගයකට ලක් කිරීමට නොහැකි බවත් ජනාධිපතිවරයාට තීන්දු තීරණ ගැනීමට ව්‍යවස්ථාවෙන් බලතල පවතින බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අවධාරණය කළේය.

නව අදහස දක්වන්න