පළාත් පාලන ප්‍රතිඵල අනුව පොදු සන්ධානයට විශිෂ්ට ජයක් | දිනමිණ

පළාත් පාලන ප්‍රතිඵල අනුව පොදු සන්ධානයට විශිෂ්ට ජයක්

චමීර ඇල්ලදෙණිය

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව සලකා බැලීමේ දී මෙවර මහ මැතිවරණයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා නායකත්වය දෙන පොදු සන්ධානයට අතිවිශිෂ්ට ජයක් හිමිවනු ඇතැයි දේශපාලන විචාරකයෝ කියති. එම මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 4941952කි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1481656කි. ඒ අනුව එම පක්ෂ තුන පමණක් එම මැතිවරණයේ දී ඡන්ද 6423608ක් ලබාගැනුමට සමත්විය. 2015 ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීම සඳහා ලබාගත් ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 62ක් වන අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 64ද ඉක්මවා තිබේ.

මේ අනුව බලන විට එළැඹෙන මහ මැතිවරණයේ දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ නායකත්වයෙන් යුත් පොදු සන්ධානයට ආසන 132ක් ඉක්මවූ බහුතරයක් ලැබෙනු ඇතැයි එම විචාරකයෝ පෙන්වා දෙති.

නව අදහස දක්වන්න