තීන්දුව අගමැතිවරයාට ඇමැති මණ්ඩලයට අදාළ නෑ | දිනමිණ

තීන්දුව අගමැතිවරයාට ඇමැති මණ්ඩලයට අදාළ නෑ

මහින්ද අලුත්ගෙදර

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අගමැතිවරයාට හෝ ඇමැති මණ්ඩලයට අදාළ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කරයි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වන මන්ත්‍රීවරයා,

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙසැම්බර් මස 7 දා දක්වා මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නිකුත්කර තිබෙනවා. එදිනට මේ සම්බන්ධයෙන් නඩු විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ කටයුතු ඉදිරියට සාමාන්‍ය පරිදි කරගෙන යනන්න පුළුවන්. පෙත්සම් බල රහිත කරනවා ද යන්න සම්බන්ධයෙන් නඩු විමසා තීන්දු කිරීමට නියමිතයි. එතෙක් අතුරු තහනම් නියෝගයක් ලබා දී තිබෙනවා. ඇමැති මණ්ඩලයට මෙය අදාළත්වයක් නැහැ. ඇමැති මණ්ඩලය සහ අගමැතිවරයා පත්කිරීම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් සිදුකර තිබෙනවා.

නව අදහස දක්වන්න