කාරක සභා බහුතරය ලබාගැනීම සාධාරණ නෑ | දිනමිණ

කාරක සභා බහුතරය ලබාගැනීම සාධාරණ නෑ

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර සහ  චමීර ඇල්ලදෙණිය

පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව තේරීම් කාරක සභාවේ බහුතරය ලබාගැනීම සාධාරණ නොවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ(19) ප්‍රකාශ කළේය.

තේරීම් කාරක සභාවල සාමාජිකයන් පත් කිරීමේ දී දේශපාලන පක්ෂවල සිටින සාමාජිකයන් අනුව බෙදී යාම වඩා හොඳ බව ද අනුර දිසානායක මහතා පෙන්වාදුන්නේය.

පසුගිය 15 වන දින කථානායකවරයා නිශ්චිත වශයෙන් 14 වන දා විශ්වාසභංග යෝජනාවක් සම්මත වු බවත්, ඒ අනුව අග්‍රාමාත්‍යවරයෙක් හෝ ආණ්ඩුවක් නොමැති බවත් දිසානායක මහතා කියා සිටියේය.

නව අදහස දක්වන්න