පෙත්සම විභාගය සිව්වැනි දිනටත් අද | දිනමිණ

පෙත්සම විභාගය සිව්වැනි දිනටත් අද

පාර්ලිමේන්තුව විසුරුවා හරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහි ගොනු කර ඇති පෙත්සම වැඩිදුර විභාගය සිව්වැනි දිනටත් අද (07) පැවැත්වේ.
 
අගවිනිසුරු නලීන් පෙරේරා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එම විභාග කටයුත්ත සිදුකෙරේ.
 
පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඊයේ තෙවැනි දිනටත් පැවැත්විණ.
එහිදී පාර්ලිමේන්තුව විසුරුවා හරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පැනවූ අතුරු තහනම් නියෝගය හෙට (08) දක්වා දීර්ඝ කෙරිණ.

නව අදහස දක්වන්න