ලක්ෂ 35ක දුම්වැටි සමඟ චීන ජාතිකයක් 03ක් අත්අඩංගුවට | දිනමිණ

ලක්ෂ 35ක දුම්වැටි සමඟ චීන ජාතිකයක් 03ක් අත්අඩංගුවට

දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතිකයන් තිදෙනෙකු රේගුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
 
ඒවාගේ වටිනාකම රුපියල් තිස්පන් ලක්ෂයකට ආසන්න බව වාර්තා වේ. 
 
සැකකරුවන්ගේ ගමන් මළු තුළ දුම්වැටි 63,600ක් අඩංගු කාටුන් 318ක් සඟවා තිබූ බව, රේගුව සදහන් කළේය. 
 
මෙම සැකකරුවන් තිදෙනා පැමිණ ඇත්තේ හෙංකොං සිට සී.එක්ස් - 611 දරණ ගුවන් යානයෙන් ඊයේ(06) රාත්‍රී 11.00 පමණ බව වාර්තා වේ.

නව අදහස දක්වන්න