බ්‍රිතාන්‍යයේ වසරේ කාන්තා ඇඳුම් නිර්මාණ ශිල්පී සම්මානය මේගන්ගේ ඇඳුම් නිර්මාණ ශිල්පියාට | දිනමිණ

බ්‍රිතාන්‍යයේ වසරේ කාන්තා ඇඳුම් නිර්මාණ ශිල්පී සම්මානය මේගන්ගේ ඇඳුම් නිර්මාණ ශිල්පියාට

සම්මාන දෙන්න මේගන් එයි

බ්‍රිතාන්‍ය විලාසිතා සම්මාන උළෙලේ දී වසරේ කාන්තා ඇඳුම් නිර්මාණ ශිල්පී සම්මානය මේගන් මර්කල් ගේ මංගල ඇඳුම නිර්මාණය කළ ක්ලෙයාර් කෙලර් දිනා ගන්නා ලද අතර, එම සම්මානය ප්‍රදානය කිරීමට සියලු

දෙනා පුදුම කරමින් මේගන් පැමිණ සිටියාය. වාර්තා වන අන්දමට ඇයගේ සහභාගිත්වය සියලු දෙනාට රහසක් වී ඇත.

ගැබිනියක ලෙස මෙවන් අවස්ථාවක ඇය දක්නට ලැබුණ ප්‍රථම අවස්ථාව මෙය වන අතර ඇයගෙන් සම්මානය ලබා ගැනීම පිළිබඳව විලාසිතා නිර්මාණ ශිල්පිනී කෙලර් අතිශයින් සතුටට පත් වූ බව වාර්තා වේ.

 

නව අදහස දක්වන්න