පාරිභෝගික නීති කැඩූ වෙළෙඳුන් 340ට එරෙහිව නඩු | දිනමිණ

පාරිභෝගික නීති කැඩූ වෙළෙඳුන් 340ට එරෙහිව නඩු

සුභාෂිණි සේනානායක

පාරිභෝගික නීති උල්ලංඝනය කළ වෙළෙඳුන් 340ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නඩු පැවරීමට කටයුතු කර ඇත. ඉකුත් 09වැනිදා සිට 15 වැනිදා දක්වා සිදු කළ වැටලීම්වලට අනුව මේ නඩු පැවරීම් සිදු කර ඇත.

උත්සව සමයේ පාරිභෝගිකයන් ආරක්ෂා කර ගැනීම අරමුණු කර ගනිමින් වැටලීම් 50ක් සිදු කර ඇති අතර ඉන් දඩ මුදල් ලෙස රුපියල් 96000ක් උපයා ගත් බවත් අධිකාරිය කියා සිටි.

උත්සව සමය ඉලක්ක කරගනිමින් ඉදිරි සති කිහිපයේ රට පුරා වැටලීම් සිදු කරන බවත් එහිදී මිල ප්‍රදර්ශනය නොකිරීම වැඩි මිලට භාණ්ඩ විකිණීම වැනි සිද්ධීන් ඇතුළු වරද සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අධිකාරිය කියා සිටි.

මේ වසරේ වැටලීම් 21188ක් සිදු කර ඇති බවත් වෙළෙඳුන් 21254කට නඩු පවරා ඇති බවත් අධිකාරිය වැඩිදුරටත් කියා සිටි.

නව අදහස දක්වන්න