මාතලේ තක්කාලි වගාවට හඳුනා නොගත් දිලීර රෝගයක් | දිනමිණ

මාතලේ තක්කාලි වගාවට හඳුනා නොගත් දිලීර රෝගයක්

හඳුනා නොගත් රෝගයකින් මාතලේ, පල්ලේපොල, යටවත්ත, දීවිල්ල, රුසිගම, වල්මෝරුව, ආදී තක්කාලි වගා කරන ප්‍රදේශවල තක්කාලි වගාවට හඳුනා නොගත් රෝගයක් පැතිර යෑම නිසා අක්කර දහස් ගණනක තක්කාලි වගාව දිනපතා විනාශ වෙමින් පවතින බව ගොවීහු පවසති.

මාතලේ දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් පල්ලේපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තක්කාලි වගාව කරන බව ගොවීහු පවසති. තක්කාලි වගාවේ ඵල හට ගැනීමත් සමඟ එකවරම දිවා කාලයේ මේ ගස් මළානික වී පසුව ගස මිය යෑම සිදුවන බවත් හටගත් ගෙඩිවල යම්කිසි දිලීර වර්ගයක් පැතිර යෑම සිදු වෙන බවත් ගොවීහු පෙන්වා දෙති. මේ ගැන මෙතෙක් කිසිදු කෘෂිකර්ම නිලධාරීවරයෙක් සොයාබැලීමක් සිදුනොකළ බවත් වෙළෙඳසල් හිමියන්ගේ උපදෙස් පරිදි කෘමිනාශක වර්ග යෙදුව ද ඉන් එකක් හෝ ඔරොත්තු නොදෙන බවත් ගොවීහු පවසති. මේ වනවිටත් අක්කර දහසකට අධික ප්‍රමාණයක් මේ රෝගයට ගොදුරු වී තිබෙන බව පල්ලේපොළ රුසිගම ප්‍රදේශයේ ගොවීහු පවසති. තක්කාලි වගාවේ එක දිනකට ගස් විශාල ප්‍රමාණයක් මෙයාකාරයෙන් විනාශයට ලක්වන බවත් තක්කාලි වගාව ආරක්ෂා කරගැනීම සඳහා කුමන හෝ පිළියමක් ලබා දෙන්නැයි පල්ලේපොල වල්මෝරුව ප්‍රදේශයේ තක්කාලි ගොවීහු කෘෂිකර්ම බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටිති. තක්කාලි වගාවේ අස්වැන්න නෙළීමට ආසන්නව තිබෙන වකවානුවක මෙයාකාරයෙන් දරුණු වසංගත රෝගයක් මින් ඉහතදී දැක ගැනීමට නොහැකි වූ බවත් මේ කන්නයේදී පමණක් මේ රෝගය දැකගැනීමට හැකිවූ බව ගොවීහු වැඩිදුරටත් සඳහන් කර සිටිති.

මේ පිළිබඳ අවධානය යොමු කළ යොමුකොට තක්කාලි වගාව බේරා නොදුනහොත් ඉදිරියේදී තක්කාලි ඉතා ඉහළ යාම වැළැක්විය නොහැකි බවත් ඔවුහු කියති.

සටහන සහ ඡායාරූප- සිගිරිය විශේෂ

නව අදහස දක්වන්න