සේවාවන් කාර්යක්ෂම කරන්න බැංකු පනතට සංශෝධන | දිනමිණ

සේවාවන් කාර්යක්ෂම කරන්න බැංකු පනතට සංශෝධන

ජයසිරි මුණසිංහ

ගනුදෙනුකාර ජනතාවට වඩාත් සුරක්ෂිත හා කඩිනම් බැංකු හා මුල්‍ය පහසුකම් ගොන්නක් ලබාදීමේ අරමුණින් බැංකු පනත ඇතුළු පනත් හතරකට ‍සංශෝධන ගෙන ඒමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කොට ඇත.

ඒ අනුව මහ බැංකුවේ බලතල වඩාත් පුළුල් කැරෙන බැංකු පනත, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත සහ රාජ්‍ය ණය කළමනාකරණ විධිමත් කිරීම සඳහා වන සක්‍රීය වගකීම් කළමනාකරණ පනත යන පනත් සංශෝධනය කරනු ඇත.

මීට අමතරව බැංකු පද්ධතියේ අවදානම් මත පදනම් වූ අධීක්ෂණය හා නියාමනයේ තිරසාර බව මැන බැලීමට බැංකු තිරසාරව ශ්‍රේණිගත කිරීමේ දර්ශකයක් හඳුන්වාදීමට මහ බැංකුව පියවර ගන්නා බව අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කෙළේ ය.

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිතාකොට හා අන්තර්ජාල බැංකු සේවා පහසුකම් ලබා ගන්නා ගනුදෙනුකරුවන්ට සිදුවිය හැකි සයිබර් ප්‍රහාර හා බැඳුණු මුල්‍ය වංචා වැළැක්වීමටද නව නීතිරීති ක්‍රමවේද හඳුන්වාදීමට මහබැංකුව මේ වසරේ ක්‍රියාත්මක කරනු ඇත.

නව අදහස දක්වන්න