ඉතාලියේ උතුරු කොරියා තානාපති අතුරුදන් වෙලා | දිනමිණ

ඉතාලියේ උතුරු කොරියා තානාපති අතුරුදන් වෙලා

ඉතාලියේ උතුරු කොරියානු තානාපති පසුගිය නොවැම්බරයේ සිට අතුරුදන් වී ඇති බව දකුණු කොරියානු රජයේ මාධ්‍ය වාර්තා ක‍රයි. එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වන්නේ සමහර විට ඔහු බටහිර රටක දේශපාලන රැකවරණ ලබනු ඇති බවයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ රෝමයේ උතුරු කොරියානු තානාපති ජො සොන්ග් ගිල් සහ ඔහුගේ බිරියයි.

මේ පිළිබඳ අදහස් දක්වන ඉතාලියේ විදේශ අමාත්‍ය ප්‍රකාශක පවසන්නේ තානාපති ජො ගෙන් දේශපාලන රැකවරණ ඉල්ලීමක් නොලැබූ බවයි. වාර්තා වන අන්දමට මේ තානාපතිවරයා උතුරු කොරියාවේ ඉහළ දේශපාලන නිලධාරියකු ගේ සමීප ඥාතියකු ද වේ.

 

නව අදහස දක්වන්න