ජාලිය වික්‍රමසූරියට බිරියට සහ සොහොයුරියට නැවතත් විවෘත වරෙන්තු | දිනමිණ

ජාලිය වික්‍රමසූරියට බිරියට සහ සොහොයුරියට නැවතත් විවෘත වරෙන්තු

සුභාෂිණී සේනානායක

ඇප මත සිටින අමෙරිකන් එක්සත් රාජධානියේ හිටපු වොෂින්ටන් තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට ඔහුගේ බිරියට සහ සොහොයුරියට පෙරේදා (09) නැවතත් විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.

හිටපු අමෙරිකානු තානාපති වරයාට නිකුත් කළ වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් යොමු කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ජාත්‍යන්තර පොලිසියට යොමු කිරීමට ඉංග්‍රීසි භාෂාවෙන් වරෙන්තුව නිකුත් කරන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම නියෝගය සිදු කළේය.

සැකකරුට තාවකාලිකව විදේශ ගත වීමේදී නැවත අධිකරණයට ගෙන්වා දෙන පොරොන්දුව මත ඇප වූ සැකකරු ගේ බිරිය වන කුමුදුනී වික්‍රමසූරිය සහ සොහොයුරිය වන ප්‍රියංගීකා දුලීකා යන අයටද මහේස්ත්‍රාත්වරයා මෙලෙස විවෘත වරෙන්තු නිකුත් කළේය.

දෙවන ඇපකරුවන්ට ඇප රාජසන්තක නොකිරීමට හේතු අවසන් වරට ලබන අප්‍රේල් 24 දින ලබා දෙමින් අවසන් වරට හේතු දක්වන ලෙස නියෝග කළාය.අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.

සැකකරු වංචා කළ බව කියන අමෙරිකානු ඩොලර් 250000 ක් මුදල පී. පී. පී. ඉන්ටර්නැෂනල් ආයතනය හරහා ඒවා ඇති බවත් එම ජංගම ගිණුම් ඇතුළු ගිණුම් 12 පරික්ෂා කිරීමට අදාළ විමර්ශන ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළේය.

රජයේ මුදල් අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස් දෙදාහක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය ,විශ්වාසය කඩ කිරීම ,ඒ සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම මෙන්ම ආධාර හා අනුබල දීම වරද යටතේ කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පොදු දේපළ හා මුදල් විශුද්ධිකරණ පනත් යටතේ සැකකරුට චෝදනා ගොනු කර ඇත.

සැකකරුට මෙරටට ඒමට හෑකියාවක් නැති බවත් සැකකරු එරට තානාපතිව සිටි කාලයේ වූ බව කියන සිද්ධින් සම්බන්ධව එරටින් ද සමගාමීව පරීක්ෂණයක් සිදු කරන බවත් දන්වා සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටි අතර සැකකරු එරට රඳවා සිටින බවත් ඒ නිසා මෙරටට පැමිණීමට නොහැකි බවත් දන්වා සිටියේය.

අක්ෂි රෝග තත්ත්වයක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට අමෙරිකාවේ ජොජියා ප්‍රාන්තයට ගොස් ඇති අතර සැකකරු අධිකරණයේ පෙනී සිටියේ නැත.

නව අදහස දක්වන්න