නව කාබන් බද්ධ ප්‍රායෝගික නෑ | දිනමිණ

නව කාබන් බද්ධ ප්‍රායෝගික නෑ

රජය විසින් රථ වාහන වලට පනවා ඇති නව කාබන් බද්ධ ප්‍රායෝගික නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු වි‍ජේරත්න මහතා පවසයි.

මරදාන සි.එස්.ආර්. හි දි ඊයේ (15) පැවති විශේෂ මාධ්‍ය සාකච්චාවකට සහභාගී වෙමින් ඔහු මෙසේ පැවැසි ය.

ඒ මහතා මෙසේ ද පැවැසී ය.

රථ වාහන සදහා පනවා ඇති නව කාබන් බද්ධ පිළිබඳ ලිඛිතව මොටර් රථ කොමසාරිස් දෙපාර්තුමේන්තුවට මේ වනවිට අවශ්‍ය නිර්නායක දැනුම් දිලා තිබෙනවා.එහි දී අවුරුද්දේ සිට අවුරුදු පහක කාල සීමාවකට යටත් වන රථ වාහන සදහා රුපියල් දහසක බද්ධක් ද අවුරුදු පහේ සිට අවුරුදු දහයක කාල සීමාවට අයත් වන වාහන සදහා රුපියල් දෙදෙහක බද්ධක් සහ අවුරුදු දහයේ සිට පැරණි බස් රථ සදහා රුපියල් තුන්දහසක් වශයෙන් වාර්ෂිකව බදු මුදලක් මේ කාබන් බද්ධ හරහා ගෙවිය යුතු වෙනවා.මේ කාබන් බද්ධ අය කිරීමට නිර්නායක ඇතුළු විද්‍යාත්මක පදනමක් නැහැ.මීට මිනුම් දණ්ඩක් නොමැත.ඒ වගේ ඕනෑම රථ වාහන රියදුරෙක් වාර්ෂික ආදායම් බලපත්‍රය ගන්නා විට මෙම කාබන් බද්ධට ද මුදල් ගෙවිය යුතු ය.ඒ වගේම අපි වායු විමෝචනය වෙනුවෙන්රුපියල් 1500ක්අය කරන දුම් පරීක්ෂාවක් සිදු කරමින් වාර්ෂිකව දුම් වාර්තාවක් ලබා ගන්නවා.මෙම දුම් පරීක්ෂාව හරහා ද සිදු වනුයේ පරිසරයට නිකුත් කරනු ලබන විස දුමහි පරිමාව මැනීමයි.එනම් කාබන් අනු ප්‍රමාණය පරීක්ෂාවයි.එක ගැටලුවක් සදහා විසදුම් දෙකක් අවශ්‍ය වන්නේ නැහැ.ඒ ඒ රථ වාහන විමෝචනය සිදු කරනු ලබන ප්‍රමාණයට අනුව බද්ධ අය කළ යුතුය.පරිසරය‍ට මුදා හරින කාබන් ප්‍රමාණය අනුව බද්ධ අය කළ යුතුය.ලොකයේ අනික් රට වල කාබන් බද්ධ ඉන්ධන මිළ සදහා අනුයුක්ත කර තිබෙනවා.එහි දී ඉන්ධන වැඩි ප්‍රමාණයක් භාවිතා කරන පිරිස සදහා අයවන බද්ධ වැඩි වෙනවා‍.එනිසා මෙම කාබන් බද්ධ ඉන්ධන මිළට අනුයුක්ත කිරීම ප්‍රායෝගිකය.

නිලංග ජයසිංහ මහතා බන්දුල රත්නායක මහතා ජේ.එච්.ජයවීර දිලිප් රත්නවීර යන පෟද්ගලික බස් සංගමයේ සමාජිකයන් ද මේ අවස්ථාවට සහභාගි වි සිටියහ.

අමෝදා ජයමහ
ඡායාරූපය-රුවන් ද සිල්වා

 

නව අදහස දක්වන්න