පවුලේ ගිණුම්වලට යුක්රේනයෙන් ඇ. ඩො. මි. 141කට වුණු දේ සොයයි | දිනමිණ

පවුලේ ගිණුම්වලට යුක්රේනයෙන් ඇ. ඩො. මි. 141කට වුණු දේ සොයයි

උදයංගගේ මිග් ගනුදෙනුව

මිග් යානා ගනුදෙනුව සම්බන්ධ සිද්ධියේ සැකකරුවකු වන හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතගේ බිරිය, බිරියගේ මව බිරියගේ සොහොයුරාගේ නමට මිග් ගනුදෙනුව සිදු කළ යුක්රේනයේ බෙරිමිසා සමාගමට අදාළ එම රටෙන් සහ වෙනත් රටවල පවතින ගිණුම්වලින් අමෙරිකානු ඩොලර් මිලියන 141ට අධික විදේශ මුදල් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බවත් නැවත එම මුදල් රටින් බැහැරව ගොස් ඇති බවට සිදු කළ විමර්ශන අනාවරණය කර ඇති බවත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ ඊයේ (16) දැනුම් දුන් නීතිපති දොප­ාර්තමේන්තුව එම මුදල් ර‌ෙටන් බැහැර ගලා ගිය ගමනාන්තය සොයා විමර්ශන සිදු කරන බවත් කියා සිටියේය.

ලබා‍ ගත් අධිකරණය නියෝග ප්‍රකාරව සියලුම රාජ්‍ය බැංකු හා මුල්‍ය ආයතන වල ඇති උදයංග වීරතුංග යන අයගේ සහ ඔහුගේ පවුලේ අයගේ බැංකු ගිණුම් විස්තර ඉල්ලා සිටි බවත් ඒ අනුව පුද්ගලික බැංකු දෙකක් පමණත් විස්තර ලැබීමට නියමිත බවත් අධිකරණය කියා සිටි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය එම ගිණුම් සම්බන්දයෙන් පුළුල් විමර්ශණයක් ආරම්භ කර ඇතැයි කියා සිටියේය.

එමෙනම් උදයංග වීරතුංග මහතාගේ ගම්පහ බැංකුවක පිහිටි ගිනුමකට විදේශ මුදල් විශාල ප්‍රමානයක් ලැබි ඇති බවත් එම බැංකුවේ කළමණාකාරවරයා ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බවත් කියා සිටි නීතිපති දෙපාර්තමේන්තුව එම කළමනාකාරවරයා පුත්තලම හාඛාවට ස්ථාන මාරුවක් ලබා යන විට උදයංග වීරතුංග යන අයගේ ගිණුම ද පුත්තලම ශාඛාවට මාරුවී ගොස් ඇති බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්හණයක් සිදු කරන බවත් කියා සිටියේය.

මේ සිද්ධියට අදාළ උදයංග වීරතුංග යන අයගේ නැනන්දනිය ඩුබායි රා්‍යයේ සිටින බවත් ඔහුගේ මස්සිනා නෝර්වේ රාජ්‍යයේ සිටන බවත් අධිකරණයට දැනුම් දුන් නීතිපති දෙපාර්තමේන්තුව ඔවුනගේ ප්‍රකාශ ලබා ගත යුතුව ඇති බවත් කියා සිටි අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් කියා සිටියේය. නඩුවට අදාළ මිග් යානා ගනුදෙනුව ගුවන් හමුදාව සමග සිදු කළ අමෙරිකානු ‍ඩොලර් මිලියන 7ක් ගෙවීම සම්බන්ධයෙන් බෙරිමිසා සමාගමට අයත් ගිණුමෙන් පැනමාව ලැට්වියාව වැනි රටවල ඇති ගිණුම් වලින් විදේශ මුදල් ප්‍රේෂණය වීම් සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට අනාවරණය වී ඇති බවත් මෙරටට ලැබුණු මුදල් නැවත විදේශ රටවල ගිණුම් වලට බැරවීම් ඇතුළු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් සංකීර්ණ විගමනයක් සිදු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයට කරුණූ ඉදිරිපත් කළ නිතිපති දෙපාර්තමේන්තුවේ රජයේ ජ්‍යේෂ්ඨ අධිනිතිඥ උදාර කරුණාතිලක මහතා කියා සිටියේය. මේ වන විට අන්‍යෝන්‍ය ආධාර පනත යටතේ ඉල්ලා තිබු ඇතැම් වාර්තා ලැබි ඇති බවත් ඇතැම් රටවල් කඩිනම් ප්‍රතිචාර ලැබි ඇතත් එංගලන්තය ප්‍රංශය සයිප්‍රසය වැනි රටවල් වලින් ප්‍රතිචාර ලැබි නැති බවත් අධිකරණයට කියා සිටි රජයේ ජ්‍යේෂ්ඨ අධිනිතිඥවරයා නැවත එම රටවලට සිහිකැඳවීම් යොමු කරන බවත් කියා සිටියේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් තුන් වන සහ පස් වන සැකකරුවන් දෙදෙනා වන කුල්දෙරකුව් සහ පෙරක‍ඩොව් යන දෙදෙනාට ලබනලබන මාර්තු මස 15 හෝ ඊට ප්‍රථම ප්‍රකාශයක් ලබා දීමට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධයක්ෂවරයා හමුවේ පෙනි සිටිමට නොතිසියක් නිකුත් කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නනේය. එම නියෝගය ඉංග්‍රිසි භාෂාවෙන් නිකුත් කරන්නැයි නියෝග කළ මහේස්ත්‍රාත්වරයා කුරියර් තැපෑලෙන් සහ ලියපංදිචි තැපෑලෙන් එම සැකකරුවන්ගේ සහ උදයංග වීරතුංග මහතාගේ එරට නිතිඥවරයාගේ ලිපිනයට යොමු කරන ලෙසට නියෝග කෙළේය. සිද්දියට අදාළ නඩුව ලබන මාර්තු මස 24 වනදා කැඳවන ලෙසත් එදිනට විමර්ශන ප්‍රගතිය වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළේය.

සිද්ධියට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කරමින් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ෆ්‍රැන්සිස් මහතා අධිකරණයේ පෙනී සිටියේය.

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න