නවම් මහ පෙර­හර 18 - 19 දින­ව­ලදී | දිනමිණ

නවම් මහ පෙර­හර 18 - 19 දින­ව­ලදී

කොළඹ ගංගා­රාම විහා­ර­ස්ථා­නය මඟින් පව­ත්වනු ලබන නවම් මහ පෙර­හර මෙව­රද පෙබ­ර­වාරි 18 - 19 දින­ව­ලදී එම විහා­රය ආශ්‍රිත කර­ගෙන පැවැත්වේ. රාත්‍රී 7.00 ට ආරම්භ වන පෙර­හර සියලු ජාතීන්ට එක්ව නැර­ඹිය හැකිය.

මේ පෙර­හර මංග­ල්‍ය­යට දායක වීමට කැමැති දාන­ප­ති­යන්ට සිය කාරු­ණික ආධා­රය චෙක්පත් හෝ මනි­ඕ­ඩර් මගින්; “ශ්‍රී ජින­ර­තන භික්ෂු අභ්‍යාස විද්‍යා­ලය කාරක සභාව” නමට ලියා රේඛ­නය කර එවන ලෙසත් මනි­ඕ­ඩර් සඳහා තැපැල් කාර්යා­ලය : කොල්ලු­පි­ටිය වෙත භාර දෙන ලෙසත් ඉල්ලා සිටී.

සංචා­රක ව්‍යාපාර කරන අයට විදේ­ශි­ක­යන් සඳහා ආසන පහ­සු­කම් සල­සා­දිය හැකි බවද ශ්‍රී ලාංකික සැමට ආසන නොමිලේ බවද දන්වයි.

වැඩි­වි­ස්තර : ගංගා­රා­මය, 61, ශ්‍රී ජින­ර­තන පාර, කොළඹ 2 දුර­ක­ථන : 2327084, 2435169 - ෆැක්ස්; 2439508 E-mail;[email protected] වෙබ්ස­යිට්; www.gangaramaya.com වෙතින් දැන­ගත හැකි බවද කියයි.

නව අදහස දක්වන්න