මගේ ජීවිත කතාව ලෝක­ය­ටම කිය­නවා | දිනමිණ

මගේ ජීවිත කතාව ලෝක­ය­ටම කිය­නවා

* සෞදි කතුන් වහ­ලුන් වගෙයි
* කැනේ­ඩි­යානු රැක­ව­රණ ලැබූ රහෆ් මොහ­මඩ් පව­සයි

සෞදි කාන්තා­වට සළ­කන්නේ වහ­ලුන් ලෙස බවත් ඔවුන්ට සිදු වන්නේ කුමක් ද කියා වටහා ගන්නට තම ජීවිත කතාව ලෝකය ඉදි­රියේ ප්‍රකාශ කිරී­මට අවශ්‍ය බවත් කැනේ­ඩි­යානු රැක­ව­ර­ණය ලැබූ රහෆ් මොහ­මඩ් පව­සයි. තමන්ට අහිමි වීමට කිසි­වක් නොතිබූ බැවින් තමා ගත් අව­දා­නම සැබැ­වින්ම වටිනා එකක් බව ඇය වැඩි දුර­ටත් පැව­සු­වාය.

18 හැවි­රිදි රහෆ් තම පවු­ලෙන් මිදී ඔස්ට්‍රේ­ලි­යාව වෙත පලා යාම සඳහා තායි­ල­න්ත­යට පැමිණි අව­ස්ථාවේ ඇය ආපසු ඇයගේ පවුලේ සාමා­ජි­ක­යන් වෙත යැවීමේ උත්සා­හ­යක් පැවැති අතර ඒ අව­ස්ථාවේ ඇය කියා සිටියේ එසේ වුව­හොත් ඔවුන් තමන්ව මරා දමනු ඇති බවයි. කෙසේ වුවත් එක්සත් ජාතීන් ගේ මැදි­හත් වීමෙන් සර­ණා­ග­ත­යකු ලෙස කැනඩා රජයේ රැක­ව­ර­ණය ලැබූ රහෆ් මෙසේ ප්‍රකාශ කළේ සිය ප්‍රථම මාධ්‍ය හමුවේ දීය. තව දුර­ටත් එම පවුලේ බැඳීම පව­තින අල්-කුනන් නාමය මේ වන විටත් ඇය අත­හැර හමා­රය.

ටොරොන්ටෝ හි පැවැති මෙම මාධ්‍ය හමුවේ දී රහෆ් ප්‍රකාශ කළේ ඉස්ලාම් ආගම අනුව කාන්තා­වන් පිරි­මින් ලෙස ඇඳීම පැළ­ඳීම තහ­නම් නිසා කොණ්ඩය කැපූ වර­දට තමාව මාස හයක් කාම­ර­යක දමා අගුළු ලා සිටි බවයි. මවගේ සහ ස‍හෝද­ර­යාගේ ප්‍රච­ණ්ඩ­ත්ව­යට තමා නිර­න්ත­ර­යෙන් ලක් වූ බවත් ඔවුන්ගේ දැඩි වද හිංසා­වන්ට ලක් වූ බවත් ඇය අනා­ව­ර­ණය කළාය. කැනේ­ඩි­යානු තරු­ණි­යන් මෙන් සාමාන්‍ය ජීවි­ත­යක් ගත කිරී­මට අපේක්ෂා කරන බව ඇය අව­සා­නයේ සඳ­හන් කළාය.

 

නව අදහස දක්වන්න