ගම්මන්පිලට එරෙහි නඩුව විභාගය මාර්තු 11 | දිනමිණ

ගම්මන්පිලට එරෙහි නඩුව විභාගය මාර්තු 11

කුමුදු හෙට්ටිආරච්චි

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් භාවිත කරමින් ඕස්ට්‍රේලියානු ජාතිකයකුට අයත් ව්‍යාපාරයක කොටස් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කළ බවට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා හා ව්‍යාපාරිකයකුට එරෙහි නඩුව වැඩිදුර විභාගයට ගැනීමට මාර්තු 11 වැනිදා කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා තීරණය කළේය. පෙරේදා (22) නඩුව විභාගය සඳහා කැඳවුණ අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහාත විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින බැවින් නඩු විභාගය එසේ කල් තැබුණි.

උදය ප්‍රභාත් ගම්මන්පිල හා සිඩ්නි ජයසිංහ නමැති විත්තිකරුවනට එරෙහිව අධිචෝදනා හතරක් යටතේ නීතිපතිවරයා විසින් මේ නඩුව පවරා ඇත.

නව අදහස දක්වන්න