‘සේනා ‘වන්දි - මිලියන 250 ක් වෙන් කෙරේ | දිනමිණ

‘සේනා ‘වන්දි - මිලියන 250 ක් වෙන් කෙරේ

සේනා දළඹු උවදුරෙන් වගා හානී වූ වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 250 වෙන්කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි.
 
කෘෂිකර්ම ඇමැති පී.හැරිසන් මහතා විසින් මේ යෝජනාව ඉදිරිපත් කර තිබේ.
 
සේනා දළඹු උවදුර මර්දනය කිරීමට දිවයින පුරා විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දඅවශ්‍ය අංශ වෙත උපදෙස් ලබාදී තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීඅග්‍රාමාත්‍යවරයා මෙම  අපදෙස් ලබා දී ඇත.
 
සේනා දළඹු උවදුර මර්දනය කිරීම සඳහා යුද හමුදාවේ සහය ලබා ගැනීම පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබේ.
 
මෙම දළඹුවා මර්දනයට රජය මඟින් ගත හැකි උපරිම දායකත්වය ලබා දී ඇති බවත්, සත්වයා මේ වන විට මර්දනය කිරීමේ වැඩකටයුතු ආරම්භ කර ඇති බවත් කෘෂිකර්ම ඇමැතිවරයා කියයි.
 
විහේෂයෙන්ම මෙම දළඹු මර්දනය සඳහා මහජනතාවට හානි නොවන කෘෂි රසායන යොදා ගැනීමටත් ,දේශිය ක්‍රම ඒ සඳහා යොදා ගැනීමටත් කටයුතු කරන ලෙස ඇමැතිවරයා ගොවීන්ගෙන් ඉල්ලීමක් කරයි.
 
 

නව අදහස දක්වන්න