සුවසැරිය මෙහෙයුම් මධ්‍යස්ථානය ජනපතිගේ නිරීක්ෂණයට | දිනමිණ

සුවසැරිය මෙහෙයුම් මධ්‍යස්ථානය ජනපතිගේ නිරීක්ෂණයට

1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ මෙහෙයුම් මධ්‍යස්ථානය (01) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

රාජගිරියේ පිහිටි සුවසැරිය ගිලන් රථ සේවාවේ මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා එහි මෙහෙයුම් මැදිරියේ කටයුතු පිළිබඳ සොයා බැලීය.

ගිලන් රථ ද ජනාධිපතිතුමාගේ පරික්ෂාවට ලක් කෙරිණි.

ඉන්දීය රජයේ පූර්ණ ත්‍යාගශීලි ආධාරයක් ලෙස 2016 වසරේ දී ගාස්තු රහිත පූර්ව රෝහල් ප්‍රතිකාර සේවාවක් වන 1990 සුවසැරිය ගිලන් රථ සේවාව ආරම්භ කෙරුණු අතර මේ වන විට එය දීප ව්‍යාප්තව කි්‍රයාත්මක කෙරේ.

කැබිනට් නොවන ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද ජනාධිපතිතුමා සමඟ මේ අවස්ථාවට එක්ව සිටියේෙය.

ඡායාරූපය : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය

නව අදහස දක්වන්න