ශීල්පීන් 2800ක ප්ලාස්ටික් ගමිමානයක් | දිනමිණ

ශීල්පීන් 2800ක ප්ලාස්ටික් ගමිමානයක්

ඉවතලන පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතයෙන් දුරස් කිරීම එතරම් පහසු කාර්යයක් නොවේ . එහෙත් දිරපත් නොවන ප්ලාස්ටික් නව නිෂ්පාදනයක් නිර්මාණාත්මකව ප්‍රතිනිර්මාණය කළ හැකි නම් එය සැබවින් ම එලදායී වේ. නාගරීකරණයට කොටු වී තම උපන් ගමින් දුරස් නොවී තම ගම්මානයන්හිම රැදී සිටිමින් පවුලේ සාමාජිකයන් සමග වෙහෙස මහන්සි වී ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරමින් ප්ලාස්ටික් නිෂ්පාදනයට යොමු විය හැකි නම් එය ද , සමාජයට වඩාත් හිතකර වේ. ඉහත දක්වන ලද සමාජ පරිසරය අද වන විට “වියට්නාමයේ ප්ලාස්ටික් නිෂ්පාදන ගම්මානකරණය “ තුළින් පිළිඹිඹු වේ. මෙම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරමින් ප්ලාස්ටික් නිෂ්පාදන කරන ගම්මාන සංකල්පය එරට නව ආර්ථික ප්‍රවණතාවයක් බවට පත් ව ඇත.

පවුලේ සාමාජිකයින්ගේ සමූහික ප්‍රයත්නයක් වීම .

ලෝකය පුරා සෑම වසරකම ප්ලාස්ටික් ටොන් මිලියන ගණනක් නිෂ්පාදනය කරනු ලැබේ. ලෝක වාර්ෂික නිෂ්පාදනයේ ඇස්තමේන්තු අනුව වසරකට නිෂ්පාදනය කරනු ලබන ප්ලාස්ටික් ප්‍රමාණය සංඛ්‍යාත්මකව වෙනස් වේ . ප්ලාස්ටික් යනු බොහෝ භාණ්ඩ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන ubiquitous material වලින් නිර්මාණය කර ඇති අමුද්‍රව්‍යකි. බොහෝ අවස්ථා වලදී මෙම ප්ලාස්ටික් නිෂ්පාදන එක් වරක් පමණක් භාවිතා කරනු ලබයි. සෑම වසරකම ලෝකය පුරා විසිරී තිබෙන ප්ලාස්ටික් බෑග්, සහ අනෙකුත් ද්‍රව්‍ය හේතුවෙන් ගොඩබිම් සහ මුහුදු ප්‍රදේශ පරිසර දුෂණයන්ට ලක් වේ.

වියට්නාමයේ ප්‍රසිද්ධ සංචාරක පුරවරයන් ලෙස හස්ත කර්මාන්ත ශිල්පීන් 2,800 කින් සමන්විත විස්මයජනක ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ගම්මාන පත් ව ඇත. සෑම ස්ථානකින්ම ඉවතලන සියලු ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කර විවිධ වූත්, විසිතුරු වූත් ප්ලාස්ටික් අත්කම් භාණ්ඩ මෙම ගම්මානවල දී නිර්මාණය කරනු ලබයි. කාලයත් සමඟම වියට්නාමයේ සම්ප්‍රදායික ග්‍රාමීය ගම්මානවල විශේෂිත නිපැයුම් සෑදීම සඳහා විශේෂඥතාවයන් දියුණු කරන ලද අතර එම විශේෂිත ගම්මාන, රෙදි විවීම, ලී බඩු, ලැකර් හා ලෝහ භාණ්ඩ වැනි දේ සඳහා ද ප්‍රසිද්ධව පවතී.

ආයෝජකයින් ළඟා කර ගැනීම පහසු වීම .

Trieu Kruc යනු වියට්නාමයේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහාම ප්‍රචලිතව පවතින ගම්මානයකි. මෙම ගම්මානය තුළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඒ ඒ මංතීරු සකසා ඒ අදාළ ස්ථානවල ගබඩා කර ඇත. බොහෝ විට ප්‍රතිචක්‍රීකරණයන් සිදු කරන්නේ ගම්මානයේ පවුල්වල සමාජිකයන් විසිනි. ප්‍රතිචක්‍රීයකරණය කර ප්ලාස්ටික් අත්කම් නිර්මාණ ක්ෂේත්‍රයේ බොහෝමයක් පිරිස් ස්වයං රැකියාවල නියුක්ත වන අතර, බොහෝ අය නිර්මාණය කිරීම සඳහා සහය ලබා ගන්නේ තම පවුලේ සාමාජිකයන්ගෙනි.

හැනෝයි, මින්හායි හැරුණු විට විශාල ගම්මාන විසින් මෙම වියට්නාමයේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කර ප්ලාස්ටික් අත්කම් නිර්මාණ සඳහා ආයෝජන අවස්ථා හිමි කර ගෙන තිබේ . 2008 දී ප්‍රසිද්ධ ගවේෂක ඩක් විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ, ප්‍රතිචක්‍රීකරණය කටයුතු වල නිරත වන ගෘහ ඒකක 293 ක් ද, පොලිතින් අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට සහ වෙළඳපොළට නිමි භාණ්ඩ නිශ්පාදනය කරන පවුල් 38 ක් ද පවතින බව ය. මෙම ගම්මානයේ ප්‍රතිචක්‍රීකරණය මඟින් ටොන් 5,000 ක පමණ භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබයි. මෙහි ප්‍රධානම නිෂ්පාදනය වන්නේ plastic film ය.මීට අමතරව ප්ලාස්ටික් කෝට් හෑගර්ස් (Coat hangers ) ද නිර්මාණය කරනු ලබයි. තව ද මෙම ගම්මානය මඟින් ප්ලාස්ටික් හොචී හි හෝ චීනයේ කර්මාන්ත ශාලාවලට ප්‍රවාහනය කරනු ලබයි.

නව ව්‍යවසාහකයින්ට අවස්ථාවන්

පාරිසරික හා සෞඛ්‍ය යන අංශයන්ට සිදු වන බලපෑම පිළිබඳව සිතා බලා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය කරමින් සකස් කරන ප්ලාස්ටික් අනවශ්‍ය පරිසරය සමඟ දූෂණය වීම පිළිබඳ ගැටලු මඟහරවා ගැනීම සහ නව ප්ලාස්ටික් සංස්ලේෂණය කිරීමේ වැඩපිළිවෙළවල වඩාත් හිතකර ය. තව ද වියට්නාමයෙහි හරිතාගාර වායු උත්පාදනය කිරීමට ද අරමුණ කර ගෙන සිටී.

වියට්නාමයේ හැනෝයි හි මෙම ප්ලාස්ටික් නිපැයුම් ගම්මාන වඩාත් ප්‍රයෝජනවත් පරිදි වැඩි වර්ධනය කර ,ජනතාවට සේවා සපයන ආකාරයට පරිසරයන් නිර්මාණය කරනු ලබයි. තව ද සාම්ප්‍රදායික නිෂ්පාදන වර්ග මීට වඩා වැඩි වශයෙන් නිෂ්පාදනය කිරීමටත්, එම නිෂ්පාදනවලට යොදන රසායනික ද්‍රව්‍ය පරිසරයට දැඩි බලපෑමක් නොවන ආකාරයට යෙදීමත් සිදු කරනු ලබයි. පොලිතින් ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් නිෂ්පාදනය කරන ප්ලාස්ටික් නිෂ්පාදන සඳහා ගෝලීය වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් පවතී. නාගරීකරණය සහ සංවර්ධනය දීර්ඝ කාලීනව රඳා පවත්වා ගැනීම සඳහා අනෙකුත් රටවල ප්ලාස්ටික් නිර්මාණ ශිල්පීන්ගේ විශේෂඥතාවය සහ නිර්මාණශීලීත්වය භාවිතා කිරීම සිදු වේ . වියට්නාමයේ ගම්වැසියන් අතරින් දක්ෂ ව්‍යවසාහකයින් බිහි කරමින් නව්‍යකරණයන් තුළින් යහපත් ආර්ථික රටාවක් ගොඩනඟාගත හැකි ය.

සටහන- මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න