යාපනයේ ණය ‘ගිනි ’ හෙටින් නිමයි | දිනමිණ

යාපනයේ ණය ‘ගිනි ’ හෙටින් නිමයි

ජයසිරි මුණසිංහ

නියඟයෙන් පීඩාවට පත්, කාන්තාවන් ශුද්‍ර මූල්‍ය ආයතන මඟින් ලබා ගත් ණය ගෙවා ගැනීමට අපහසුව පීඩා විඳින පිරිසට සහනයක් සැළසීමේ අරමුණින් රජයේ එම ණය කපා හැරීමට තීරණය කර ඇත. ඒ අනුව මෙම ණය කපා හරින බවට මූල්‍යලාභීන්ට සහතිකයක් ලබා දීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ( 14 ) යාපනයේ දී සිදු කෙරේ.

දිස්ත්‍රික්ක 12 ක වගා කන්න 5 ක් එක දිගට හානි වූ දිස්ත්‍රික්ක 12 ක කාන්තාවන්ට ලබා ගත් පරිභෝජන නොවන ණය සඳහා මෙම සහනය ලබා දේ. මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා මෙම ණය කපා හැරීම සම්බන්ධයෙන් වූ යෝජනාව 2018 ජුලි 24 , ඇමති මණ්ඩලයට ඉදිරිපත් කර අතර , ඊට අනුමැතිය ද ලැබුණි. ඒ අනුව අගමැති ප්‍රධානත්වයෙන් යාපනයේ දී ණය කපා හැරීම සම්බන්ධව සහතිකපත් කාන්තාවන්ට පිරිනැමේ.

නව අදහස දක්වන්න