මිදෙ­ල්ල­මු­ල­හේන ග්‍රාම­සේවා වසමේ ළමා උයන කැලෑ­වට | දිනමිණ

මිදෙ­ල්ල­මු­ල­හේන ග්‍රාම­සේවා වසමේ ළමා උයන කැලෑ­වට

හොරණ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ 616E මිදෙ­ල්ල­මු­ල­හේන ග්‍රාම­සේවා වසමේ අක්කර 3/4 ආසන්න බිමක් පුරා විහිදී ඇති ඉසුරු විමන ප්‍රජා ශාලාව සහ ළමා ක්‍රීඩාං­ග­ණය කැලෑ වැඳි ඇත. 1994 වසරේ දී ද ෆිනෑන්ස් සමා­ගමේ ඉඩම් වෙන්දේ­සි­ය­කට සම­ගා­මිව ඔවුන්ගේ විය­ද­මින් මහ­ජන සුභ සාධ­නය වෙනු­වෙන් මේ ප්‍රජා ශාලාව සහ ළමා ක්‍රීඩාං­ග­ණය ඉදි­කර හොරණ ප්‍රාදේ­ශීය සභා­වට පවරා දී ඇත. මේ මහ­ජන දේපළ අද මෙලෙස වල් බිහිවී කැල­යට ගොස් ඇත. මෙහි ජල හා විදුලි පහ­සු­කම් ඇත. මේ ශාලාවේ විවාහ උත්සව පවා පවත්වා ඇත. දරු­වන් වෙනු­වෙන් මුල් ළමා­විය සංව­ර්ධන මධ්‍ය­ස්ථා­න­යක් ද පැවැ­ත්විණි. වල්බිහි වීමත් සම­ගම එම ප්‍රජා සේවා­වන් සියල්ල නැවතී ඇත. යළිත් මේ වටිනා දේපළ සංව­ර්ධ­නය කර ජන­තා­වගේ ප්‍රජා සේවා­වන් පිණිස පහ­සු­කම් සල­සන ලෙස ප්‍රදේ­ශ­වා­සීන් බල­ධා­රීන් ගෙන් ඉල්ලති.

පෝරු­ව­දණ්ඩ සමූහ, එච්.කුල­ති­ලක

නව අදහස දක්වන්න