කෘෂි නවීකරණයට මිලියන 12,000ක් | දිනමිණ

කෘෂි නවීකරණයට මිලියන 12,000ක්

බුද්ධීකා ඉඹුලාන

ගොවීන්ට නවීන තාක්ෂණ වගා ක්‍රම හා වෙළෙඳපොළ හඳුන්වා දෙන කෘෂි නවීකරණ ව්‍යාපෘතියට රුපියල් මිලියන 12,000ක් වෙන් කෙරේ.

මෙම ව්‍යාපෘතිය හරහා ගොවීන්ගේ නිෂ්පාදන මිලට ගන්නා සමාගම් හා ගොවීන් අතර ගිවිසුම් අස්සන් කිරීම පසුගිය දා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. දේශීය වගා කටයුතුවල නියැලී සිටින ගොවියා හට වෙළදපොළ හඳුන්වාදීම සහ පෞද්ගලික අංශය සමඟ සබඳතා සංවර්ධනය කරමින් ගොවියාට අතරමැදියාගෙන් වන මැදිහත්වීම අවම කිරීමටත්, ගොවියාගේ අස්වැන්නට ඉහළ මිලක් ලබාදීමටත්, ගොවියාට අවශ්‍ය වෙළෙඳපොළ ව්‍යාපෘතිය යටතේ ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා පෞද්ගලික ආයතන සමඟ මෙම ගිවිසුම් අස්සන් කෙරිණි. එහිදී උතුරු පළාතේ රටකජු ඩේවිඩ් ග්‍රෑම් සමාගම ද, නැඟෙනහිර රටකජු මිල දී ගැනීම අමල් ග්‍රෑම් සමාගම ද , උතුරුමැද ගස්ලබු හේලීස් සමාගම ද, ඌව පළාතේ පැෂන් ෆෘට් ලංකා කැනරිස් සමාගම ද , උතුරුමැද කෝමාරිකා ස්මැක් සමාගම මිල දී ගන්නා අතර එහිදී දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය ගිවිසුම්වලට මෙහිදී එළඹිණි.

ලෝක බැංකු ආයතනයේ ව්‍යාපෘති ප්‍රධානී ඇන්ඩෘ ගුඩ්ලන් මහතා සහ කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අැමැති පී. හැරිසන් මහතා සුහද කතා බහක ද මෙහිදී නිරත වූහ. අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එච්.රුවන් චන්ද්‍ර, කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ඩබ්.එම්.ඩබ්.වීරකෝන් මහත්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්වූහ.

නව අදහස දක්වන්න