ථෙරවාදී බුදුදහම රැක ගැනීමට කටයුතු රැසක් සිදු කරනවා | දිනමිණ

ථෙරවාදී බුදුදහම රැක ගැනීමට කටයුතු රැසක් සිදු කරනවා

රක්ෂණ ශ්‍රියන්ත

ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා

අපට ඇති මහඟුතම සම්පත නිර්මල ථෙරවාදී බුදු දහම රුක ගැනීමට තම අමාත්‍යාංශය තුළින් විවිධ කටයුතු රැසක් සිදු කර ඇති අතර තවත් කටයුතු රැසක් සිදුකරමින් පවතින බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පැවැසීය.

බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යංශයේ නිල පුවත්පත 'අරුණලු' දොරට වැඩීම හා අන්තර්ජාල පුවත්පත එළි දැක්වීම පසුගියදා (15) බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රදානත්වයෙන් එම අමාත්‍යංශයේ දී පැවැත්විනි. එම උත්සව අවස්ථාව අමතමින් ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේය.

අරුණලු පුවත්පත ද්විමාසිකව දිනමිණ පුවත්පත සමඟ නොමිලේ නිකුත් කෙරේ.

එම අවස්ථාවේ දී . ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරි අභය අමරදාස මහතා විසින් අරුණලු නිල පුවත්පත බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාට නිල වශයෙන් පිළිගැන්විය එම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ඒ.පී.ජී.කිත්සිරි, අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් මනෝජ් දඹරගේ, ලේක්හවුස් කළමනාකරණ කර්තෘ සමන්ත කරුණාසේකර යන මහත්වරුද එක්වුහ.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා කියා සිටියේ තමන් වන ජීවී ඇමැතිවරයාව සිටියදීද ලේක්හවුස් ආයතනය හා එක්ව මෙවැනිම පුවත්පතක් එම අමාත්‍යාංශය තුළින්ද නිකුත් කිරීමට කටයුතු කළ බවයි. අපට ඇති මහඟුම සම්පත නිර්මල ථේරවවාදී බුදු දහම බවත් අප රට තුළ ඇති දන්ත ධාතූන් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේද අපට ඇති එවැනිම වටිනා වස්තූන් බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

අප ක්‍රියාවෙන් මෙන්ම ප්‍රතිපත්තියෙන්ද බෞද්ධයන් වීමේ ඇති වැදගත් කම පැවසූ ඇමැතිවරයා බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ගෞරව බුහුමන් දැක්වීම, දෙමාපියන්ට ගරු කිරීම වැනි ගුණාංග ඒවායේ වැදගත් කමත් අධ්‍යාත්මික ගුණ වගාවකින් යුතු සමාජයක වැදගත්කමත් අපට කියා දුන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ බව ද කියා සිටියේය.

ගමයි පන්සලයි යන සංකල්පය තුළින් තිරසර ගමක්, තිරසර සමාජයක් ගොඩ නැ‍ඟීමෙන් මනස හික්මවු දැහැමි සමාජයක් ඇති කළ හැකියි යන්න පැවසූ ඇමැතිවරයා ගහකොළ සතා සිව්පාවාට මෙන්ම අන්‍යයන්ටද ආදරය දැක්වීමට අපට කියාදුන්නේද ගෞතම බුදුරජාණන් වහන්සේ බව ද පැවැසීය.

මත්ද්‍රව්‍ය හා මත්කුඩුවලින් සමාජය බේරා ගැනීම සඳහා නීතියට ඇඟිලි ගැසීම සිදු නොකර මත්ද්‍රව්‍ය මත්කුඩු මේ සමාජයෙන් විනාශ කිරීමට තුරන් කිරීමට කටයුතු කළ යුතු යැයිද කියා සිටියේය.

පරිසරය, ගහකොළ, පවුල පිළිබඳ බුදුන්වහන්සේගේ දේශනාවන් අද වන විට විදේශයන්හීද ඇගයීමටත් ඒ පිළිබඳ උනන්දුවෙන් පොත පත ලිවීමටත් කියවීමටත් කටයුතු කරන්නන් සිටින බව ද ඇමැතිවරයා කියා සිටියේය.

බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා විශාල වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක වනවාසේම භික්ෂූන්වහන්සේලාගේට අවශ්‍ය පහසුකම් ලබා දීමටත් උන්වහන්සේලා වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමටත් කටයුතු කර ඇති බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඈත ගම් දනව්වල විහාරස්ථානවල ඇති අඩු පාඩු සොයා බලා ඒවාට අවශ්‍ය පහසුකම් ලබා දීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන බව පැවසූ ඇමැතිවරයා අද නිකුත් වු මේ පුවත්පත තුළින්ද ඒ සඳහා විශාල සහයක් ලබා ගැත හැකි බවත් පෙන්වා දුන් අතර පුවත් පත තුළින් ඒ සඳහා උදව් කිරීමට කැමැති පින්වතුන් දායක කර ගත හැකි බවත් තවත් ආධාර උපකාර අවශ්‍ය විහාරස්ථාන හඳුනා ගැනීමටද කටයුතු කළ හැකි බව ද කියා සිටියේය.

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට කටයුතු කරනවා සේම විහාරස්ථානවලට සූර්ය විදුලි බලය ලබාදීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ද ඇමැතිවරයා කියා සිටියේය.

අද නිකුත් කළ මේ පුවත් පත තුළින් තම අමාත්‍යංශයේ කටයුතු ක්‍රියා කාරකම් ජනතාව වෙත ගෙන යාමටත් ජනතාවගේ සිතුම් පැතුම්වලට අවස්ථාවක් ලබාදීමටත් ඉන් හැකිවන බව කී ඇමැතිවරයා අරුණලු පුවත්පත එළි දැක්වීමට කටයුතු කළ සියලු දෙනාට සිය ස්තුතිය පළ කළේය.

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා අදහස් දක්වමින්...

අප දිනමිණ, ඩේලිනිව්ස්, තිනකරන් පත්‍ර භාෂා ත්‍රිත්තවයෙන් දිනපතා පළ වන විට එහි අතිරේක වශයෙන් විවිධ රජයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා හෝ නිෂ්චිත ආයතනයක් සමඟ එහි කාර්ය භාරය හා විෂය පථය ජන ගත කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව කියා සිටියේය. ඇමැතිවරයා එවක වනජීවි ඇමැතිවරයාව සිටිය දී වන දිවිය යනුවෙන් මෙවැනිම අතිරේඛයක් නිකුත් කිරීමට කටයුතු කළ බව සිහිපත් කළ සාමාන්‍යාධිකාරිවරයා එය වඩාත් ප්‍රථිඵල දායකවු බව ද කියා සිටියේය.

අප දන්නැත් බොහෝ දෙනා විශේෂයෙන්ම ළමයි දැන ගතයුතු දේ පළ කිරීම හෝ විකාශනය වීම පුවත් පත්වලින් හෝ රූපවාහිනී මාධ්‍යවලින් විකාශනය නොවන බව පෙන්වා දුන් අතර බොහෝ විට පල වන්නේ හෝ විකාශනය වන්නේ දැන ගතයුතු දේට වඩා සිදුවීම් බව කියා සිටියේය. එම නිසා ඉතා අඩු ප්‍රමාණයක් දැනුම හා දැනගත යුතු විෂය ක්ෂේත්‍රයන්ට අයත් දේ පළ වීම හෝ විකාශනය වන බවත් එම අඩුව පිරි මැසීම සඳහා මෙවැනි කලාප නිකුත් කිරීමේ පරමාර්ථය වන්නේ යැයිද කියා සිටියේය.

බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යංශයේ කාර්යන් සංවර්ධන කටයුතු ප්‍රධාන කාර්යයන් රේඛීයව කරුණු ඉදිරිපත් කිරීම ඉතාම සීමා සහිතව ප්‍රධාන මාධ්‍ය ජාලාවන් ඔස්සේ සිදුවන බව පෙන්වා දුන් සාමාන්‍යාධිකාරීවරයා පුවත්පත්වල පිටුවල ඉඩ මදිකමත්, රූපවාහිනී මාධ්‍යයන්වල ප්‍රචාරය වීම සීමා සහිත වීමත් නිසා එයට පිළියමක් ලෙස “අරුණලු“ ඉදිරිපත් කරන බව කීය. මෙවැනි කලාපයන් නිකුත් කර ඉතා හොඳ වැටහීමක් තම ආයතනයට ඇති බවත් අනෙකුත් අමාත්‍යංශ්‍ය එනම් සෞඛ්‍ය, අධ්‍යපන, තාක්ෂණ, ධීවර, විද්‍යා, වැවිලි වැනි කලාපයන් නිකුත් කර ඒ තුළින් මොනතරම් පාඨකයන්ගේ ප්‍රශ්න විමසීම් තුළින් පාඨකයා විසින් මේවා දැන ගැනීමේ පිපාසය බොහෝ සේ තිබෙන බව කියා සිටියේය. නමුත් ඒ දැන ගැනිමේ පිපාසය අවශ්‍යතාවය සඳහා අවස්ථාවක් නැති කමින් මෙවැනි සගරාවක් ජනයාට පාසල් ශිෂ්‍යයන්ට රජයේ කාර්යාලවලට ලබා ගැනීම අවශ්‍ය වන බවත් සියලුම මහජන පුස්තකාලවලට පාසල් පුස්තකාලවලට පිරිවෙන් සහ පන්සල් පුස්තකාලවලට බෙදා හැරීම අපට ඇති ප්‍රශනයක් බවත් ඉන් ඔබ්බට ගොස් ලේක් හවුස් ආයතනයේ දිනමිණ පැය විසි හතරේ රේඩියෝවක් අන්තර්ජාලය ඔස්සේ විකාශනය වන බවත් ඉන් විවිධ වැඩසටහන් විකාශනය වන බවත් කියා සිටියේය. අන්තර්ජාලය ඔස්සේ ගූගල් සෙවුම් ඔස්සේ සොයා බැලුවොත් මේ වැඩ කටයුතුම අන්තර් ජාලයටද එක්වන බව ද කියා සිටියේය. ඇමැතිවරයාගේ අවශ්‍යතාවය සඳහා අමාත්‍යංශයේ අවශ්‍ය ඉදිරි වැඩකටයුතුවලට සහය දීමටද තමන් කටයුතු කරන බව ද සමාන්‍යාධිකාරිවරයා කියා සිටියේය.

බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යංශ ලේකම් ඒ.පී.ජී.කිත්සිරි, අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් මනෝජ් දඹරගේ මහත්වරු ඇතුළු උසස් නිලධාරීන් සහ සේවක සේවිකාවන්, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සාමාන්‍යාධිකාරී අභය අමරදාස, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රසන්ත චන්ද්‍රතිලක, ජ්‍යෙෂ්ඨ කළමණාකාර චන්ද්‍රලාල් සූරියආරච්චි, කළමනාකරණ කර්තෘ (රාජ්‍ය සබඳතා) සමන්ත කරුණාසේකර යන මහත්වරු ඇතුළු උසස් නිලධාරීන් සේවක සේවිකාවන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය
විපුල අමරසිංහ

 

නව අදහස දක්වන්න