ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්ත ප්‍රහාරයකින් පොලිස් මූලස්ථානයක 13ක් ජීවිතක්ෂයට | දිනමිණ

ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්ත ප්‍රහාරයකින් පොලිස් මූලස්ථානයක 13ක් ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයේ පුල් - ඉ - කුම්රි නගරයේ පිහිටි පොලිස් මූලස්ථානයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇෆ්ගනිස්ථානයේ භග්ලාන් පළාතේ පුල් - ඉ - කුම්රි නගරයේ පිහිටි පොලිස් මූලස්ථානය ඉදිරිපිටදී මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් පළමුව ප්‍රහාරය එල්ල කර තිබෙන අතර ඉන් අනතුරුව ගොඩනැගිල්ලට ඇතුළු වූ තුවක්කුකරුවන් අටදෙනෙක් විසින් වෙඩි තැබූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ප්‍රහාරවලින් මියගිය පිරිස අතර පොලිස් නිලධාරීන් මෙන්ම සිවිල් වැසියන් කිහිප දෙනෙකුද වෙති. සිදුවීමෙන් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ද සඳහන් වෙයි.

ඔවුන් පිරිස ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමටත් බලධාරීන් පියවර ගෙන තිබෙන අතර දීර්ඝ වේලාවක් පැවති ගැටුමකින් අනතුරුව ප්‍රහාරය එල්ල කළ තුවක්කරුවන් පිරිස සිය භාරයට ගැනීමට ඇෆ්ගන් ආරක්ෂක අංශ සමත්ව තිබේ. තලෙයිබාන් ත්‍රස්තවාදීන් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇත.

නව අදහස දක්වන්න