වීසා ලබාගැනීම ගැන මාලදිවයින් විදේශ ඇමති සාකච්ඡාවක | දිනමිණ

වීසා ලබාගැනීම ගැන මාලදිවයින් විදේශ ඇමති සාකච්ඡාවක

 මාලදිවයින් විදේශ ඇමති අබ්දුල්ලා සහීඩ් මහතා සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති ඕමාර් රසාක් මහතා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය  වජිර අබේර්ධන මහතා හමුවී සාකච්ඡා කළහ.
 
මාලදිවයිනේ සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්හට වීසා ලබාගැනීමේ දී ඇතිවිය හැකි දුෂ්කරතා මගහරවා ගැනීමත් දෙරට අතර සම්බන්ධතා වර්ධනය කරගැනීමත් මෙම සාකච්ඡාවේ අරමුණ විය.
 
මෙරට දී අධ්‍යාපනය ලබා ගැනීමටත්, සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමටත් මාලදිවයින් ජාතිකයන් විශාල පිරිසක් වාර්ෂිකව ශ්‍රී ලංකාවට පැමිණෙන බැවින් එලෙස පැමිණෙන පුද්ගලයන් වෙනුවෙන් කඩිනමින් වීසා ලබාගැනීමේ පහසුකම් සළසාදීමට එහි දී සාකච්ඡා කෙරිණි. 
 

නව අදහස දක්වන්න