ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් අගමැතිට නොසිතූ ජයක් | දිනමිණ

ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් අගමැතිට නොසිතූ ජයක්

ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් එරට පාලක මධ්‍ය දක්‍ෂිණාංශික සන්ධානය ජය හිමිවෙයි. ප්‍රතිවාදී කම්කරු පක්‍ෂයේ නායක බිල් ෂෝටේන් පරාජය පිළිගනිමින් මීට සුළු වේලාවකට පෙර විශේෂ ප්‍රකාශයක් ද සිදු කර තිබේ. 
 
ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයට අදාළ බොහෝ ජනමත විමසුම් ප්‍රතිඵල පෙන්වා දී තිබුනේ ප්‍රතිවාදී කම්කරු පක්‍ෂයට ජය හිමිවන බවය. කෙසේ නමුත් අගමැති ස්කෝට් මොරිසන්ගේ ලිබරල් සන්ධානය නොසිතූ ජයක් අත්කර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 
 
මෙතෙක් නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව එම සන්ධානයට ආසන 74ක් ද, කම්කරු පක්‍ෂයට ආන් 65ක් ද, ලැබී ඇති බව සදහන් වේ. 
 
පාලක සන්ධානය තුළ පසුගිය කාලයේ දැඩි මතභේද පැවතුණි. ඒ හේතුවෙන් දශකයක කාලය තුළ අගමැතිවරුන් 04දෙනෙකු අතට බලය මාරු වූ ආකාරය පැහැදිලිව දක්නට ලැබුණි.  

නව අදහස දක්වන්න