කොටහේනේ මියගිය වෛද්‍යවරයාගේ මරණය ඝාතනයක් | දිනමිණ

කොටහේනේ මියගිය වෛද්‍යවරයාගේ මරණය ඝාතනයක්

කොටහේන, බ්ලූමැන්ඩල් මාවතේ දෙමහල් නිවසක් තුළ සිදුවූ විශ්‍රාමික වෛද්‍යවරයාගේ මරණය ඝාතනයක් බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සදහන් කරයි.
 
අද(23) උදෑසන එම වෛද්‍යවරයාගේ මළ සිරුර සොයාගෙන තිබූ අතර ඔහුගේ අත් පා බැඳ තබා තිබුණු බව සදහන් වේ. 
 
නිවසට ඇතුළු වූ සොරෙකු විසින් මෙම ඝාතනය සිදු කරන්නනට ඇති බවට විමර්ශන නිලධාරීන් සැක පල කරනු ලබයි.
 
මෙසේ මියගොස් ඇත්තේ 67 හැවිරිදි දෙමළ ජාතික විශ්‍රාමික වෛද්‍යවරයෙකු වන අතර ඔහු නිවසේ තනිවම ජීවත් වූ අයෙකි. 
 
සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර කොටහේන පොලිසිය විමර්ශන සිදු කරනු ලැබේ. 
 

නව අදහස දක්වන්න