බස්නාහිර පළාත් කැරම් ශූරතා ද්විත්වයම නාවික හමුදාවට | දිනමිණ

බස්නාහිර පළාත් කැරම් ශූරතා ද්විත්වයම නාවික හමුදාවට

හතලිස් පස්වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල සඳහා බස්නාහිර පළාත නියෝජනය කරන කැරම් කණ්ඩායම් තෝරා ගැනීම සඳහා බස්නාහිර පළාත් ක්‍රීඩා හා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ අධීක්‍ෂණය යටතේ පැවති බස්නාහිර පළාත් කැරම් තරගාවලියේ පිරිමි හා කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිශාන්ත ප්‍රනාන්දු සහ ජෝශප් රොෂිටා සමත් වුහ.

පිරිමි කේවල අවසන් තරගයේදී තරග වට 2/1 ක් (18/25, 25/09, 25/13) ලෙස තියුණු තරගයකින් නිශාන්ත ප්‍රනාන්දු විසින් කොළඹ රාජකීය විද්‍යාලයේ ෂහීඩ් හිල්මි පරාජය කළ අතර, කාන්තා කේවල අවසන් තරගයේදී තරග වට 2/0ක් (25/05, 25/06) ලෙසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙටුනි නොමායා පරාජය කිරීමට ජෝශප් රොෂිටා සමත් වූවාය.

පිරිමි හා කාන්තා තෙවැනි ස්ථාන පිළිවෙළින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හසිත අනුරුද්ධ හා ශ්‍රී ලංකා යුද හමුදාවේ මධුකා දිල්ෂානි රණවීර විසින් දිනා ගත්හ.

බස්නාහිර පළාත් ක්‍රීඩා අධ්‍යක්‍ෂ පී.කණිෂ්ක ශ්‍රීලාල් මහතාගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී, නිශාන්ත දයාසිරි මහතා විසින් මේ තරගාවලිය සංවිධාන කර තිබූ අතර, කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් 150කට අධික කැරම් ක්‍රීඩක ක්‍රීඩිකවෝපිරිසක් මෙවර තරගාවලිය සඳහා සහභාගී වූහ. මෙහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තිදෙනෙක් ප්‍රතිවාදී තරගකරුට අවස්ථාවක් නොදී තරග වාරයක් නිමාකරමින් ‘ස්ලෑම්’ 04 ක් වාර්තා කළ අතර, ෂහීඩ් හිල්මි (2), නිශාන්ත ප්‍රනාන්දු (1), එම්.චිත්‍රාදේවී (1) ස්ලෑම් වාර්තා කළහ.

මේ තරගාවලියේ දක්‍ෂතම කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 16 දෙනෙකු බස්නාහිර පළාත වෙනුවෙන් 45 වන ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා තෝරාගනු ලැබූහ.

තෝරාගත් බස්නාහිර පළාත් කැරම් කණ්ඩයම් මෙසේය.

පිරිමි කැරම් කණ්ඩයම.

1.නිශාන්ත ප්‍රනාන්දු (නාවික), 2.ෂහීඩ් හිල්මි (රාජකීය විද්‍යාලය), 3.හසිත අනුරුද්ධ (ගුවන්), 4.චරිත් මධුසංක (යුද), 5.සුරාජ් මධුවන්ත (යුද), 6. නලීන් ජයශාන්ත (යුද), 7.එම්.ෂෙරීෆ්ඩීන් (යුද), 8.එවෝන් වික්‍රමසිංහ (ගුවන්)

කාන්තා කැරම් කණ්ඩයම.

1.ජෝශප් රොෂිටා (නාවික), 2.දෙටුනි නොමායා (යුද), 3.මධූකා දිල්ෂානි (යුද), 4.තස්මිලා කාවින්දි (මහාමායා බාලිකා), 5.රෙබෙකා ඩැල්රින් (යුද), 6.නිපුනි දිල්රුක්‍ෂි (මහාමායා බාලිකා), 7.එම්.චිත්‍රාදේවී (යුද), 8.ෂයිනි ඉමායා (මහාමායා බාලිකා)

 

නව අදහස දක්වන්න