රාජකාරියකට කොළඹ ආ ගම්පොළ ප්‍රජා පොලිස් ස්ථානාධිපති මහමඟ මියගිහින් | දිනමිණ

රාජකාරියකට කොළඹ ආ ගම්පොළ ප්‍රජා පොලිස් ස්ථානාධිපති මහමඟ මියගිහින්

රාජකාරි කටයුත්තක් සඳහා කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත ඊයේ අලුයම යමින් සිටි ගම්පොළ කොට්ඨාස ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ මළසිරුර ගම්පොළ පොලිසියට ආසන්න ටෙලිකොම් කාර්යාලය අසල මාර්ගයේ තිබිය දී සොයාගත් බව ගම්පොළ පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ ගම්පොළ තැඹිලිගල වරකාපිටිය ප්‍රදේශයේ පදිංචි දෙනියේ ගෙදර ධර්මසේන නමැති 53 හැවිරිදි දෙදරු පියෙකි. උප පොලිස් පරීක්ෂකවරයකු වන ධර්මසේන මහතා කලක් ගම්පොළ සොකෝ අංශයේ (ස්ථානීය අපරාධ පරීක්ෂණ අංශය) සේවයකොට පසුව කොට්ඨාස ප්‍රජා පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළේ ය. කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ රාජකාරියට අදාළ වැඩසටහනක් සඳහා සහභාගිවීමට ධර්මසේන මහතා අලුයම ගොස් ඇති බව ගම්පොළ පොලිසිය සඳහන් කරයි. ඒ මහතාගේ සිරුර සොයා ගන්නා විටත් මියගොස් සිටි බව පවසන ගම්පොළ පොලිසිය මිය යාමට හේතුව සොයා පරීක්ෂණ අරඹා ඇති බවත් දේහය ගම්පොළ රෝහල වෙත භාර දී ඇත.

 

 ගම්පොළ සමූහ

නව අදහස දක්වන්න