සිවිල් ආර­ක්ෂක ප්‍රධානීගේ වාහනය ගිනි­ගනී | දිනමිණ

සිවිල් ආර­ක්ෂක ප්‍රධානීගේ වාහනය ගිනි­ගනී

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා ගමන් කළ සුඛෝපභෝගී වාහනය වවුනියාව යාපනය ඒ-9 මාර්ගයේ කනගරායන්කුලම ප්‍රදේශයේදී 8 දා දහවල් හදිසියේම ගිනිගෙන තිබේ.

යාපනය දෙසට යමින් සිටි මේ වාහනය ගිනි ගැනීමත් සමඟම වාහනයේ සිටි අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඇතුළු පිරිස එළියට පැන දිවි ගලවා ගෙන තිබේ.

අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඇතුළු පිරිස ගමන් කොට ඇත්තේ මුලතිව් ප්‍රදේශයට පැමිණි ජනාධිපතිවරයාගේ රැස්වීමට සහභාගී වීම පිණිසය.

මේ ගින්නට හේතුව වාහනයේ වූ කාර්මික දෝෂයක් බවට සැක කරන අතර ගින්නට හසු වූ වාහනය සම්පූර්ණයෙන්ම පිළිස්සී ගොස් තිබේ.

වාහනය ගිනිගත් වහාම මාර්ගයේ සිටි පිරිස හා පොලීසිය එම ගින්න නිවා දමා ඇතත් ඒ වන් අවිට වාහනය ගින්නෙන් විශාල ලෙස පිළිස්සී ගොස් තිබේ.කනගරායන්කුලම පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

ඡායාරූපය-වවුනියාව

උතුර සමූහ

උතුරු පළාත් විශේෂ සහ

වවුනියාව උතුර සමූහ

නව අදහස දක්වන්න