කටුපොත වෙළඳසැලක ගින්නක් | දිනමිණ

කටුපොත වෙළඳසැලක ගින්නක්

 
කටුපොත නගරයේ පිහිටි වෙළඳසැලක ඊයේ(10) රාත්‍රී 8.40ට පමණ හදිසි ගින්නක් හට ගෙන ඇත.
 
ගින්න අසල වු තවත් වෙළඳසැල් 3 කට පැතිර ගොස් ඇතැයි පොලිසිය පැවසීය.
 
‍කටුපොත පොලීසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වු පොලීසිය කුරුණෑගල ‍නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් සමඟ ගින්න මැඩ පවත්වා තිබේ.
 
‍ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් නොමැති අතර ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ‍කටුපොත පොලීසිය වැඩිදුර විමර්ෂණ සිදු කරනු ලැබේ.

නව අදහස දක්වන්න