දුම්රිය වැඩ වර්ජනය අවසන් - UPDATE | දිනමිණ

දුම්රිය වැඩ වර්ජනය අවසන් - UPDATE

දුම්රිය සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද පස්වරුවේ විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව අවසන් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නදීර මනෝජ් ප්‍රකාශ කළේ, සිය සාමාජිකයින් මේ මොහොතේ සිට සේවයට වාර්තා කරන බව ය.

දුම්රිය වර්ජනය තවදුරටත් - සාමාන්‍යාධිකාරීට කැඳවීමක් - UPDATE 
 
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතාව අද(04) පෙරවරු 9.30 ට සාකච්ඡාවක් සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය වෙත කැඳවා තිබේ.
 
බීමත් සේවකයෙකුට එරෙහිව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ගනු ලැබූ විනය පියවරක් වළක්වාලීමට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් බලපෑම් සිදුවන බව පවසමින් දුම්රිය වෘත්තිය සමිති ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර තිබුණි.
 
මෙම වැඩ වර්ජනය හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබේ.
 
දුම්රිය වර්ජනය හේතුවෙන් අද පෙරවරුවේ කිසිදු කාර්යාල දුම්රියක් ධාවනය නොකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය. 
 
කොටුව දුම්රිය ස්ථානයේ ආරක්ෂාව සඳහා පොලීසියේ සහ හමුදා නිලධාරීන් ද යොදවා තිබේ.

නව අදහස දක්වන්න