උසස් පෙළ විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීමේ කටයුතු අදියර තුනකින් | දිනමිණ

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීමේ කටයුතු අදියර තුනකින්

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීමේ කටයුතු අදියර තුනක් යටතේ සිදුකෙරේ. ලබන 28 වෙනිදා සිට සැප්තැම්බර් මස 13 වෙනිදා දක්වා පළමු අදියර සිදුවන බවය විභාග දෙපාර්තමේන්තුව පවසයි.
 
ඒ ඇගයීම් මණ්ඩල 498 කදී ගුරුවරුන් 8466 දෙනෙකුගේ සහභාගීත්වයෙනි. එම කාලය තුළ පාසල් 26 ක් වසාතැබීමට තීරණය කර තිබේ. එම පාසල් තුන්වන වාරය සඳහා විවෘත කෙරෙන්නේ සැප්තැම්බර් මස 16 වෙනිදාය.
 
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු පාසල් 39 කදී සිදුකෙරේ. ලබන 15 වෙනිදා සිට 20 වෙනිදා දක්වා ඇගයීම් මණ්ඩල 436 කදී ගුරුවරුන් 6976 කගේ සහභාගීත්වයෙන් ඇගයීම් සිදුවන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

නව අදහස දක්වන්න