බස් මඟී ආවරණය හදා දෙමුද? | දිනමිණ

බස් මඟී ආවරණය හදා දෙමුද?

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අසල ඉදිකර ඇති බස් මගී ආවරණයෙහි වහලයේ තහඩු යම්කිසිවකු විසින් ගලවාගෙන ගොස් ඇති බැවින් බසයක් එනතුරු මගීන්ට ආරක්ෂිතව රැදීසිටීමට තැනක් නොමැති බවට ඔව්හු පවසති.

දිනපතා මෙම වෙළෙඳ මධ්‍යස්ථානයෙහි දහස්ගණනින් ජනතාව ගැවසෙන බැවින් ඔවුන්ගේ පහසුව සඳහා දඹුල්ල මහනගර සභාව විසින් ප්‍රජාසත්කාරයක් ලෙස ඉදිකර නම්කර ඇති මෙම බස්මගී ආවරණය මේවනවිට සම්පූර්ණයෙන් අබලන්ව යෑම නිසා මගී ජනතාව පත්ව ඇත්තේ මහත්වු අපහසුතාවකටය.

පවතින තත්වය යටතේ දැනට මෙහි ඉතිරිව ඇත්තේ මගීන්ට වාඩිවීම සදහා ඉදිකර ඇති ආසන පමණි. තත්වය මෙසේ බැවින් මෙම මගී ආවරණය කඩිනමින් පිළිසකර කරදෙන ලෙස ඔව්හු අදාළ අංශයන්ගෙන් ඉල්ලා සිටිති.

මාතලේ දිස්ත්‍රික් සමුහ

නව අදහස දක්වන්න