මිරිගම පොලිස් වසමේ අපරාධ වැළැක්වීමේ දේශනයක්... | දිනමිණ

මිරිගම පොලිස් වසමේ අපරාධ වැළැක්වීමේ දේශනයක්...

මිරිගම පොලිස් වසමේ සිරිමල්වත්ත,නාල්ල,දිවුල්දෙණිය ශ්‍රි ධමිම විසිවිහාරස්ථානයේ දායක සභාවේ සභාපති විජේසුරිය මහතාගේ ආරාධනයක් මත අපරාධ වැළැක්වීම යන මැයෙන් දේශනයක් පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසය මගින් එම විහාරස්ථානයේදී පසුගියදා පැවැත්විණි.මේ දේශනයේදී යතුරුපැදි ආශ්‍රිතව සිදු වන රන්මාල මංකොල්ලකෑම් හා ඉන් මිදීමට උපදෙස්, ගෙවල්බිඳුම්,කාන්තා අතවර, අන්තර්ජාල අපරාධ හා අනෙකුත් අපරාධවලින් මිදීම සම්බන්ධව වැඩිදුරටත් දැනුවත් කරන ලදි.එයට අමතරව බෞද්ධ ආගමික හැගීම් උද්දීපනය වන සිංහල චිත්‍රපටියක්ද ප්‍රදර්ශනය කරන ලදි.

මේ වැඩසටහනට එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ප්‍රමුඛ දායක දායිකාවන් ද, මීරීගම පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න මහතා ප්‍රමුඛ ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරින්ද සහභාගි වූහ. මේ දේශනය පොලිස් මහජන සමීබන්ධතා කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක අතුල ලියනගේ මහතා විසින් සිදුකරන ලදී.

නව අදහස දක්වන්න