ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හතළිස්වෙනි සංවත්සරය සමරයි | දිනමිණ

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හතළිස්වෙනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සිය 40වන සංවත්සරය පසුගිය අගෝස්තු මස 1දා ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සැමරුවේය.

එම සංවත්සරය සර්ව ආගමික වැඩසටහනක්, සර්ව රාත්‍රි පිරිත් සජ්ජායනාව ක් සහ සංඝයා වහන්සේ 40 නමක් උදෙසා දානමය පින්කමකින් සමන්විත වූ අතර ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍ර‍ධාන කාර්යාලයේ දී පසුගිය අගෝස්තු 1- 2 සහ 3 යන දිනයන්හි මෙම පින්කම් සිදුකෙරිණි.

ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සහ ප්‍ර‍වර්ධනය සිදුකරන ප්‍ර‍මුඛම රාජ්‍ය ආයතනය වන අපනයන සංවර්ධන මණ්ඩලය පිහිටුවන ලද්දේ 1979 අංක 40 දරණ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ එවකට වෙළෙඳ හා නාවික අමාත්‍ය ලලිත් අතුලත්මුදලි මහතාගේ මඟ පෙන්වීම යටතේය.

මෙම පනතේ පළමු වැදගත් පියවර වූයේ ජාතියේ යහපත උදෙසා ඉහළම ප්‍රමිතියෙන් යුතුව එහි කාර්යයන් ඉටු කිරීම සඳහා අපනයන ප්‍රවර්ධනය හා සංවර්ධනය පිළිබඳ පුළුල් බලතල සහිතව අපනයන සංවර්ධන මණ්ඩලය බල ගැන්වීමයි.

අපනයන සංවර්ධන මණ්ඩලය රටේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දී ඇති අතර, අපනයන වැඩි දියුණු කිරීම, අපනයන භාණ්ඩ පැස විවිධාංගීකරණය කිරීම, නවෝත්පාදන හඳුන්වාදීම මෙන්ම ආර්ථික වර්ධනය සහතික කරන රැකියා අවස්ථා උත්පාදනය කිරීම පිළිබඳ සිය දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කරමින් අපනයන ප්‍රවර්ධනය කිරීමට සහ අපනයන ප්‍රජාවට පහසුකම් සැලසීමට අඛණ්ඩව උත්සාහ කරමින් සිටී. මේ වන විට නව ක්ෂේත්‍ර ගවේෂණය කරමින් උපාය මාර්ගිකව වැදගත් වන තොරතුරු තාක්ෂණ, ඉදිකිරීම්, අධ්‍යාපනය සහ සුවතා සංචාරක කර්මාන්තය හඳුනා ගනිමින් රටේ අපනයන සංවර්ධනයක් සඳහා විශාල විභවයක් පෙන්නුම් කිරීමට රුකුලක් වෙමින් සිටී.

 

නව අදහස දක්වන්න