රුහුණ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු සිසුන් 19ක් රිමාන්ඩ් | දිනමිණ

රුහුණ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු සිසුන් 19ක් රිමාන්ඩ්

ජයසිරි පේදුරුආරච්චි

නවකවදය දීමේ චෝදනාමත මාතර මූලස්ථාන පොලීසියට 06 දින භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් රුහුණ විශ්වවිද්‍යලයේ මානව ශාස්ත්‍ර හා සමාජවිද්‍යාපීඨයේ සිසුන් දහනවදෙනෙකු එදින සවස මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු ලබන 19 දින දක්වා රක්ෂිත බණ්ධනාගාරගත කළ බව මාතර පොලීසිය පවසයි.

මෙයට අමතරව සිද්ධියට අදාළව සැකකරණ අනෙකුත් සිසුන් ද කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර තවත් සැකකාර සිසුන් හයදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද පොලීසිය පවසයි.

 මානව ශාස්ත්‍ර හා සමාජවිද්‍යාපීඨයේ පළමු වසර ශිෂ්‍යයකුට ශාරීරික හා මානුෂික පීඩා ඇතිවන අයුරින් නවකවදය ලබාදුන්නේය යන චෝදනාව මත මෙම සිසුන් අත්අඩංගුවට ගෙන තිබුනේ 2019.03.21 දින අදාළ සිසුවා පොලීසියට කරන ලද පැමිණිල්ල මතය.

මෙලෙස අත්අඩංගුවට ගත් සිසුන් අතර රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළුව මානව ශාස්ත්‍ර හා සමාජවිද්‍යාපීඨයේ තුන්වන වසර සිසුන් හා අවසන් වසර සිසුන් සිටින බව පොලිසීය පවසයි.

නවකවදයට ලක්වූ දෙවන වසර ශිෂ්‍යයා තමාට සිදුකළ අමාණුෂික නවකවදය සම්බණ්ධයෙන් කරණලද පැමිණිලි වලට තමාට සාධාරණයක් ඉටුනොවූ බවට සමාජ මාධ්‍ය මගින් හා මාධ්‍ය සාකච්ඡාවක් මගින් කරුණු හෙළිදරව්කිරීමෙන් පසු මෙලෙස සිසුන් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවරගෙන ඇත.

නව අදහස දක්වන්න