වෙළෙඳ සේවා මලල ක්‍රීඩා ශූරතාවලිය විදුලි ආලෝක ධාරා මැද සුගතදාස පිටියේ | දිනමිණ

වෙළෙඳ සේවා මලල ක්‍රීඩා ශූරතාවලිය විදුලි ආලෝක ධාරා මැද සුගතදාස පිටියේ

ප්‍රින්ස් ගුණසේකර
වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ප්‍රසන්න ඉන්දික මහතා වෙත ශ්‍රී ලංකා ටෙලිකොම් සාමාන්‍යාධිකාරි රෝහණ එල්ලාවල මහතා අනුග්‍රාහක චෙක්පත පිරිනැමූ අයුරු.

මෙරට ප්‍රමුඛ පෙළේ වෙළෙඳ සේවා ආයතන 52ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2450කට අධික සංඛ්‍යාවක් සහභාගීවන 36වැනි වෙළෙඳ සේවා මලල ක්‍රීඩා ශූරතාවලිය මේ මස 10 හා 11 දිනවල කොළඹ සුගතදාස ක්‍රීඩාගෙණයේදී පැවැත්වෙයි. දිවා කාලයේ හා රාත්‍රී විදුලි ආලෝක ධාරා මැද පැවැත්වෙන වෙළෙඳ සේවා මලල ක්‍රීඩා ශූරතාවලියට මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 27කින් සමන්විත ඉන්දීය මලල ක්‍රීඩා කණ්ඩායමක්ද එක්වේ.

මලල ක්‍රීඩා ඉසව් 273කින් සමන්විත වෙළෙඳ සේවා මලල ක්‍රීඩා ශූරතාවලියට සමගාමීව කණ්ඩායම් 12ක් සහභාගීවන කඹ ඇදීමේ තරගයක්ද සංවිධානය කොට ඇත. රුපියල් ලක්ෂ 55ක පමණ වියදමින් පැවැත්වෙන මේ සංගමයේ සභාපති ප්‍රසන්න ඉන්දික මහතා විශ්වාසය පළ කළේය. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පෙරේදා පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා සඳහන් කළේ විදුලි ආලෝක ධාරා මැද තරග පැවැත්වීමෙන් වෙළෙඳ සේවා ආයතන නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් තත්ත්වයේ තරගාවලියක් නියෝජනය කිරීමේ අවස්ථා උදාවන බවයි.

මෙවර ක්‍රීඩා උළෙලේ ප්‍රධාන අනුග්‍රහය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පිරිනමා ඇති අතර, රන් අනුග්‍රහය ඩේවිඩ් පීරිස්, රිදී අනුග්‍රහය සිලෝන් බිස්කට් සමාගම හා අලියන්ස් ඉන්ෂුවරන්ස් යන ආයතන ලබාදී ඇත. එයට අමතරව සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්), සහරා, කොළඹ නැව් තටාංගන සමාගම, පීපල්ස් ලීසින්, ආර්පිකෝ හා ජාතික රූපවාහිනී ආයතන අනුග්‍රහය දක්වා තිබේ.

නව අදහස දක්වන්න