පොහොට්ටුව කවුරු ඉදිරිපත් කළත් එජාපය ප්‍රමුඛ කණ්ඩායමේ අපේක්ෂකයා පරාජය කරන්න බැහැ | දිනමිණ

පොහොට්ටුව කවුරු ඉදිරිපත් කළත් එජාපය ප්‍රමුඛ කණ්ඩායමේ අපේක්ෂකයා පරාජය කරන්න බැහැ

‍අසේල කුරුළුවංශ

ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෝඨාභය නොව ඊටත් වඩා අයකු ඉදිරිපත් කළත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම ඉදිරිපත් කරන අපේක්ෂකයා පරාජය කළ නොහැකි බව සභානායක,රාජ්‍යය ව්‍යවසාය සංවර්ධන,උඩරට උරුමය හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඉදිරි ජනපතිවරණයේ දී පරාජය කිරීමට පහසුම අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනපතිවරණයට ඉදිරිපත් කිරීම පිළිබඳව සතුටු වන බවත් රටම ඉල්ලන ජනපති අපේක්ෂකයා ඉදිරි දින කිහිපය තුළ එජාපයෙන් ඉදිරිපත් කරන බවත් පසුගිය ජනපතිවරණයටත් වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ඔහු ජනපතිවරණය ජයග්‍රහණය කරන බවත් ඒ මහතා කීය.

නෙළුම් පතන ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානාධිපති මාරතුවල කමලජීව නාහිමියන්ට ත්‍රිපිටක අභිධර්ම පිළිබඳ සද්ධර්ම විශාරද උපාධිය පිරි නැමීම නිමිත්තෙන් ඊයේ (11) පැවැති උත්සවයක දී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

රුපියල් මිලියන දෙකක වියදමින් විහාර පරිශ්‍රයේ ඉදිකළ පුස්තකාලය සහිත දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමද ඇමැතිවරයා අතින් සිදු කෙරුණි.

එක්සත් ජාතික පක්ෂයෙ අපේක්ෂකයා ජනතා විමුක්ති පෙරමුණේ ජනපති අපේක්ෂකයා මේ මස 18 දින ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව රටට හෙළිකරන බවත් කිරිඇල්ල මහතා කීය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ පෙමසිරි නාහිමියන් ප්‍රමුඛ සංඝරත්නය ද රාජ්‍ය ඇමැති ලකී ජයවර්ධන,පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වූහ.

නව අදහස දක්වන්න