බහින්බස්වීමක් දුරදිග ගොස් අයෙක් මරුට | දිනමිණ

බහින්බස්වීමක් දුරදිග ගොස් අයෙක් මරුට

ගල්කිස්ස, සිලවෙස්ටර් පාර ප්‍රදේශයේ පාලම අසලදී දෙපිරිසක් අතර ඊයේ(02) සවස 7.00ට පමණ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකුට පිහිවලින් පහරදී තුවාල සිදු කර ඇත. 
 
එහිදී බරපතල තත්ත්වයේ සිටි එක් අයෙකු කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.  
 
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් වූ රත්මාලන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  
 

 

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. ගල්කිස්ස පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.   

නව අදහස දක්වන්න