පහතදුම්බර යෞවන සමාජයට ක්‍රීඩා ශූරතාව | දිනමිණ

පහතදුම්බර යෞවන සමාජයට ක්‍රීඩා ශූරතාව

ජාතික තරුණ සේවා සභාවේ තිස් එක්වැනි යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැති මහනුවර දිස්ත්‍රික් යෞවන සමාජ ක්‍රිඩා උළෙලේ සමස්ත ශූරතාව දිනා ගැනීමට පාතදුම්බර යෞවන සමාජය සමත් විය.

වසර තිහක බල පරාක්‍රමය බිඳ දමමින් පාතදුම්බර යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය මේ ශූරතාව දිනා ගැනීම කැපී පෙනෙන සිදුවීමක් විය. මේ ජයග්‍රහණයට දායකවූ පාතදුම්බර යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් උපහාර පිරිණැමීමේ වැඩසටහනක් පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.

පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් ඩී.ජී.සී. ජයතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ උපහාර උළෙලට සහකාර ප්‍රාදේශීය ලේකම් බී.ඩබ්.ඩබ්.මැණික්සිංහ, පාතදුම්බර තරුණ සේවා නිලධාරී එස්.එම්.ආරියරත්න, පාතදුම්බර ක්‍රීඩා නිලධාරි එස්.ඩබ්. රොශාන් හේමන්ත යන මහත්ම මහත්මීන් ද, පාතදුම්බර යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සහභාගී වූහ.

පහතදුම්බර සමූහ / ධම්මික බණ්ඩාර
ඡායාරූප - පහතදුම්බර සමූහ 

නව අදහස දක්වන්න