“බිග් බෑඩ් වුල්ෆ්” තෙවැනි වරටත් ශ්‍රී ලංකාවට | දිනමිණ

“බිග් බෑඩ් වුල්ෆ්” තෙවැනි වරටත් ශ්‍රී ලංකාවට

ලෝකයේ විශාලතම පොත් සල්පිල වශයෙන් ප්‍රකට බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය, මෙරටදී තෙවැනි වරටත් පැවැත්වීම කටයුතු සංවිධානය කර තිබේ. ඔක්තෝම්බර් මස 18 වැනිදා සිට 27 වැනිදා දක්වා දින 10ක් පුරාවට කොළඹ ලේක්හවුස් ඉදිරිපිට ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) ආරම්භ වීමට නියමිත මේ ප්‍රදර්ශනය, සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වාත්, සිකුරාදා සිට ඉරිදා දක්වා අඛණ්ඩව පැය 24 පුරාවටත් පොත් පිපාසිතයන් වෙනුවෙන් ම විවෘතව පවතී.

සාහිත්‍ය මාසය අවසන් වීමෙන් අනතුරුවද පොත-පත පිළිබඳ උනන්දුවක් දක්වන ලොකු පොඩි ඕනෑම අයකුට 50% -90% අතර වට්ටම් සහිතව ලෝකයේ තිබෙන ඉහළ ම වටිනාකමකින් යුත් පොත-පත බිග් බෑඩ් වුල්ෆ් මඟින් මිලදී ගත හැකි ය.

බිග් බෑඩ් වුල්ෆ් විසින් සාහිත්‍ය, කලාව, ඉතිහාසය, ව්‍යපාරික, ආගම, ක්‍රීඩා, විද්‍යාව හා තාක්ෂණය, ඉවුම් පිහුම් ආදී බොහෝ ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන ලක්ෂ පහළොවකට අධික පොත්-පත් සංඛ්‍යාවක් මෙවර පාඨකයා වෙනුවෙන් වෙන් කර ඇත.

නව අදහස දක්වන්න