හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් දෙප­ළ­කට උප­හාර | දිනමිණ

හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් දෙප­ළ­කට උප­හාර

 

ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වන රංජිත් කුමාරගේ ( එජාප) සහ හබරාදුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වන මහිමන් රංජිත්(එජාප ) යන මහත්වරුන් දෙදෙනාගේ දේශපාලන දිවියට වසර හතළිහක් පිරිම නිමිත්තෙන් සහ එම මන්ත්‍රිවරුන් දෙදෙනා විසින් හබරාදුව ආසනයට කරන ලද සේවය අගයා ඔවුන් දෙදෙනාට ජනතා උපහාර පිරිනැමීමේ උත්සවයක් (7) කොග්ගල සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

එහිදි ස්වදේශ කටයුතු පළාත් පාලන, පළාත් සභා සහ වජිර අබේවර්ධන මහතා විසින් රංජිත් කුමාරගේ සහ මහිමන් රංජිත් යන මහත්වරුන්ට උපහාර තිළිණ පිරිනැමු අයුරු . ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාර සහ හබරාදුව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක නීතිඥ තාරක නානායක්කාර මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දකුණු පළාත් සංචාරක එස් දීයගහගේ

 

නව අදහස දක්වන්න