ශීත ඍතුවේ සංචාරය සඳහා සුදුසුම ස්ථාන අතර පළමු තැන සීගිරියට | දිනමිණ

ශීත ඍතුවේ සංචාරය සඳහා සුදුසුම ස්ථාන අතර පළමු තැන සීගිරියට

ශීත ඍතු සංචාරක පාරාදීසයන් අතර රටවල් 20ක් අතරින් ප්‍රමුඛ ගමනාන්තය ලෙස USA ටුඩේ ශ්‍රේණිගත කිරීමේ දී ශ්‍රී ලංකාවේ සීගිරිය ප්‍රමුඛතම ස්ථානය ලෙසට පත්වී තිබේ.

USA TODAY හි සඳහන් පරිදි අවිශ්වාසය මත බිඳ වැටුණු ශ්‍රී ලංකා සංචාරක ගමනාන්තය පිළිබඳ නැවත වතාවක් විමසන විට සංචාරක නියෝජිතායතන ශ්‍රී ලංකාව ගැන සලකා බැලිය යුතු බව අවධාරණය කරයි.

‘සුන්දරත්වයෙන් පිරි නොසලකා හරින මැණිකක් වන ඉන්දියානු සාගරයේ පිහිටි මේ විදේශීය දූපත එහි උණුසුම් වෙරළ තීරය, වර්ණවත් ඉතිහාසය සහ රසවත් ආහාරපාන හේතුවෙන් අඩිය තබන සෑම කෙනකුම පොළඹවයි.”

වඩා සුහද සත්කාරක සේවය මෙන් ජනාකීර්ණ නොවන හුදකලා පරිසරය හේතුවෙන්, ශ්‍රී ලංකාව වෙත සංචාරකයන් විශාල ප්‍රමාණයක් සඳහා ඇරයුම් කිරීමේ හැකියාව පවතී.

දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය තුළ, වර්ෂාපතනය සඳහා අති වැඩි අවස්ථාව මෙන්ම සීගිරිය වැනි‍ පෙදෙස්වල පවතින උණුසුම වඩාත් ආශ්වාදජනක බව USA TODAY වැඩිදුරටත් විස්තර කර තිබේ. මේ ලැයිස්තුවට අනුව අංක දෙක බවට පත්වී ඇත්තේ වනජීවී ලෝලීන් සඳහා වඩාත් හිත කර ප්‍රදේශයක් වන ගැලපගෝස් දූපත්ය. තෙවැනි ස්ථානය බවට නම් කර ඇත්තේ ඩුබායි නගරයයි. ඊ‍ට හේතුව, ඩුබායි ව්‍යාපාරික හා සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබීමයි.

ඔවුන් තවදුරටත් පවසා ඇත්තේ හිම මිදෙන සීතලෙන් මිදී අපූරු සංචාරක ආශ්වාදයක් විඳීම සඳහා ලොව ඇති දිදුලන මේ සරුසාර උණුසුම් පාරාදීසයට යෑම තවදුරටත් අහම්බයක් නොවන බවයි.

නව අදහස දක්වන්න