යහපාලන ආණ්ඩුව මෙරට ආර්ථිකය විනාශ කළා | දිනමිණ

යහපාලන ආණ්ඩුව මෙරට ආර්ථිකය විනාශ කළා

 මුරුත්තෙටිටුවේ ආනන්ද හිමි

ආර්ථිකය සරුසාර වනතෙක් විදේශී රටවල සිටින ශ්‍රී ලංකිකයන්ගේ මුදල් මෙරට බැංකුවල තැන්පත් කර ආණ්ඩුව ඉදිරියට ගෙන යෑමට උදවි උපකාර කරන ලෙස නාරාහේන්පිට අභයාරාමාධිපති එක්සත් හෙද සේවා සංගමයේ සභාපති මුරුත්තෙටිටුවේ ආනන්ද හිමියන් ඉල්ලා සිටියහ.

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙම්න් උන්වහන්නේ මේ බව පැවසුහ.

තවදුරටත් උන්වහන්සේ මෙසේද පැවසුහ.

මේ රටේ ආර්ථික තත්ත්වය බොහොම දුර්වලයි. යහපාලන ආණ්ඩුව මෙය විනාශ කරලා ඉවරයි.රටේ වැඩ කරන ජනතාවට වැටුප් ගෙවීම පවා අපහසු වී තියෙනවා.ඒ නිසා තායිලන්තයේ ආර්ථිකය වැටේන විට තායිලන්ත රජ්ජුරුවෝ ඉල්ලිමක් කළා ජනතාවට උදවි කරන්න කියලා.පන්සල්වල පිං පෙටිටි පවා දීලා ජනතාවගේ කණකර පවා ලබා දුන්නා.ඒ වගේ අපේ රටේ ජනතාවගෙන් ඉල්ලිමක් කරන්නේ අප පත් කර ගත් ආණ්ඩුව ඉදිරියට ගෙන යන්නත් ආර්ථිකය සරු වෙනකම් තමන් ළඟ තියෙන දේයක් ලබා දෙන්න.විදේශී රටවල සිටින අයගෙන් පවා අපි ඉල්ලන්නේ ඒ අයගේ මුදල් මේ රටේ බැංකු ගිණුම්වල තැන්පත් කරලා අපේ ආර්ථිකය සරු කරලා ,පත් කර ගත් ආණ්ඩුව පවත්වා ගෙන යන්න උදවි අපකාර කරන්න.

අපේ ගැබිණි මතාවන්ට දරුවා ලොකු වෙන තුරු අහාර මල්ලක් අහාර මල්ලක් ලබාදිම වැදගත්. මුල්‍ය අධාර ලබා දෙන්නත් අපි ලැස්ති වෙන්න ඕනෑ. අපේ අම්මා කෙනෙක් අඩුම තරමින් දරුවන් හතර දෙනෙකවත් බිහි කරන්න ඕනෑ.අපි එය ජනවාරි මාසයේ සිට පටන් ගන්නවා. අපේ සිංහල පවුල් ඉස්තරම් රත්තරං කියන එකෙන් මේ රට ගොඩනගන්න ඕනෑ.අන්න ඒ වගේ වැඩ පිළිවෙළක් තමයි අපි ඉදිරියේ දී කර ගෙන යන්න සුදානම් වන්නේ.

පාමංකඩ ශ්‍රී මහා විහාරය හා අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් ධර්මවිජය බෞද්ධ විහාරාධිපති අග්ගමහා පණ්ඩිත අචාර්ය වල්පොළ පියනන්ද හිම්-

අපේ ආන්නද හාමුදුරුවෝ මේ රට රැක ගැනීමට ශාසනය රැක ගැනීමට ඉදිරිපත් වු විරෝධාර හාමුදුරු නමක්.අම්මා තාත්තා කෙනෙක් සිය කුඩා දරුවා නොමග යැයි කියලා හිතන දේයක් තමයි හාමුදුරු ළග තියෙන්නේ.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මා අවුරුදු තිස් ගාණක් තිස්සේ ඉතා හොදින් දන්න කෙනෙක් නිසා වැරදි උපදෙස් වලට අහුවෙන කෙනෙක් නොවෙයි.නායක හාමුදුරුවෝ රතු එළි දැල්වීම ඉතාම වැදගත් වෙනවා.පත්විම් දෙන විට කොම්ටියක් පත් කරලා ඉල්ලුම් පත් බාර ගන්නවා. ආණ්ඩුව පත්වෙලා මාසයක් වුණේ නැ. පසුගිය ආණ්ඩුව රටේ සල්ලි විනාශ කරලා ,දුෂණය කරලා කරපු දේවල් රහසක් නොවෙයි.

ආනන්ද විදුහලේ හිටපු සහකාර විදුහල්පති අතපත්තු කන්දේ ආනන්ද හිම්-

මේ ආණ්ඩුව පත් කර ගැනීම සඳහා මහා සංඝරත්නය පෙරමුණ ගත්තා.මහා සංඝරත්නයට පසුගිය ආණ්ඩුව බුදු දහම විවේචනය කරමින් භික්ෂුන් වහන්සේලාට අපාහාස කර සිරගත කිරීමත් රණවිරුවන් සිර ගත කිරිමත් නොකඩවා කළා. නායක හාමුදුරුවන් වහන්සේලා ප්‍රමුඛව සංඝයා වහන්සේලා විශාල හඩක් නැගුවා.ඒ හඩ නැගිමේ දි භාවිතා කරපු නමක් තමයි රට රකින ජන හඩ.ඒ ඇති කර ගත් එක සංවිධානයක් එක.රටේ අවශයතාවයක් ඇති වු විට පියනන්ද හාමුදුරුවෝ මේ රටට ඇවිල්ලා කටයුතු කරනවා.

රට රකින ජන හඩ සංවිධානයේ ලේකම් වෛද්‍ය ජනරුවන් බණ්ඩාර මහතා ද මෙහෙදි අදහස් දැක්විය.

අරුණ ඩයස්

ජායාරුප සමන්ත වීරසිරි

නව අදහස දක්වන්න