බක­මුණ ගම්මා­න­ව­ලට රංචු පිටින් අලි ඇවිත් | දිනමිණ

බක­මුණ ගම්මා­න­ව­ලට රංචු පිටින් අලි ඇවිත්

 

බකමුණ ප්‍රදේශයේ ගම්මානවලට මේ දිනවල රංචු පිටින් කඩා වදින අලින් නිවාසවලට පහර දෙමින් ගෙවතු වගාවන් වී ගොවිතැන් විනාශ කිරීම නිසා ගම්වාසීහූ අසීරුතාවට පත්ව සිටිති. සවස 6 වනවිට රංචු පිටින් ගම්මානවලට කඩාවදින අලින් නිවාස කඩා දමා පොල් ගස් කෙසෙල් වගාවන් ඇතුළු ගෙවතුවල වගාකර ඇති වගාවන් විනාශ කර තිබේ. සරුබිම, සැගල, නිකපිටිය, බටුහේන, ජයසිරිපුර, ඉකිළිවැව, අත්තනකඩවල, දිග්ගල්පිටිය, ඇලහැර මිණිපුරගම, දමනයාය යන ගම්මානවල ගම්වාසීන් මෙම අලි කරදරයෙන් පීඩාවට ලක්වී සිටිති. ඇලහැර ප්‍රදේශීය ලේකම් එන්. එස්. කල්යාණි කුමාරිහාමි මහත්මියගෙන් විමසුවිට පැවසුවේ ගම්මානවලට කඩා වදින වල් අලින් පලවාහැරිමට කඩිනම් විසදුමක් ලබාදීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවයි.

ඇලහැර සමුහ සරත් වෙලගෙදර

නව අදහස දක්වන්න